කොළඹ රථවාහන පාලනයට චීනයේ ටෙට්රා එක්වෙයි

408

චීන සන්නිවේදන ජාලයක්වන ටෙට්රා සන්නිවේදන ජාලය බස්නාහිර පළාත තුළ ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇත.
 මේ සඳහා චීන රජය ශී‍්‍ර ලංකාවට ණය ආධාර මුදලක් ලබාදීමට ඉදිරිපත් වී තිබේ. එම ටෙට්රා සන්නිවේදන ජාලය පිළිබඳව විමර්ශනයට ලක්කිරීම සඳහා රජය නියෝජ්‍ය පොලිස්පතිවරු පස්දෙනෙක් , මුදල් අමාත්‍යාංශ නිලධාරියෙක් සහ නීති කෙටුම්පත් නිලධාරියෙකුගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කර ඇත. මෙම චීන සන්නිවේදන ජාලය යටතේ කොළඹ රථවාහන පාලන පද්ධතිය සහ සී. සී. ටී. වී. කැමරා පද්ධතිය ද නවීකරණය කෙරේ. එසේම ටෙට්රා සන්නිවේදන පද්ධතිය පොලිසියේ ටැබ් පරිගණක ජාලයට ද සම්බන්ධ වේ.

 කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment