කොළඹ හමීඩ් අල් හුසෙයිනී සහ කොළඹ සහිරා අවසන් සටනට

67

අන්තර් පාසල් පාපන්දු තරගාවලිය

සමස්ත ලංකා අන්තර් පාසල් පාපන්දු වයස අවුරුදු 18න් පහළ තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට කොළඹ හමීඩ් අල් හුසෙයිනී සහ කොළඹ සහිරා විදුහල් සමත් වූයේය.

ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය මෙහෙයවන “රිනවුන් සභාපති පාසල් පාපන්දු ශූරතාවය සඳහා වූ වයස අවුරුදු 18 න් පහළ “ඒ” කාණ්ඩයේ තරග යටතේ එම විදුහල් මෙම දස්කම දැක්වීය.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පෙරේදා පස්වරුවේ එම අවසන් පූර්ව තරග පැවැත්විණි.

එහිදී පැවති පළමු අවසන් පූර්ව තරගයේදී කොළඹ හමීඩ් අල් හුසේයිනී විදුහල ගෝල 5 -2 කින් යාපනය ශාන්ත පැටි්‍රක් විදුහල පරාජය කළ අතර එම තරගයේදී හමීඩ් අල් හුසේයිනී විදුහල වෙනුවෙන් අර්හාම් ගෝල දෙකක්, හසන්, නෂීෆ් ගෝල එක බැගින් සහ අතීක් දඬුවම් පහරකින් ලකුණු රැස් කරගත් අතර ශාන්ත පැටි්‍රක් විදුහල වෙනුවෙන් අභිරාම්, ඉබෙරින් ගෝල එක බැගින් ලබා ගත්හ.

කොළඹ හමීඩ් අල් හුසෙයිනී සහ කොළඹ සහිරා අවසන් සටනට

දෙවන අවසන් පූර්ව තරගයේදී කොළඹ සහිරා විදුහල ගෝල 1 – 0 ක තියුණු ජයක් අත් කර ගනිමින් කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය පරාජය කළ අතර එම තරගයේදී සහිරා විදුහල වෙනුවෙන් ජයග්‍රහී එකම ගෝලය අසීස් විසින් ලබා ගැනීමට සමත් වූයේය.

හැඳල – ජේ. ස්ටැනිස්ලස් පයස්

advertistmentadvertistment
advertistmentadvertistment