කෝටි 06ක කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් බහාලුමක

208


කැනඩාවේ සිට මෙරටට ආනයනය කළ බහාලුමක තිබී රුපියල් කෝටි 06ක පමණ වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සහ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය මස 25 දා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද මෙම බහාලුම පිළිබඳ ඇති වූ සැකය මත රේගුවේ ආදායම් අධීක්ෂණ බලකාය විසින් සිය භාරයට ගෙන තිබුණි.

පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය සමග සිදු කළ පරීක්ෂාවේදී එහි තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6ක් සොයා ගැනුණි.

කැනඩාවේ සිට ගනේමුල්ල ප්‍රදේශයේ ලිපිනයකට මෙම මත්ද්‍රව්‍ය එවා ඇති අතර මෙම පාර්සලයේ අයිතිකරු වෙනුවෙන් පැමිණි නියෝජිතයා මෙලෙස රේගු අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment