ගල කේශරී යෝගය ඔබේ හස්තයේත් තිබේද?

136

ජන්මපත්‍ර තුළ නිතර දැකිය හැකි යෝගයක් ලෙස ගල කේශරී යෝගය හැඳින්විය හැක. මෙම ගල කේශරී යෝගය ගුරු ග්‍රහයාත්, සඳු ග්‍රහයාත් ලග්නයෙන් කේන්ද්‍රගත වීම තුළින් උදාවන බව සෘෂි මතයයි. මෙම ගල කේශරී යෝගයට දායක වන සඳු ග්‍රහයා පුර සඳු වීම තුළින් මෙම යෝගයේ ඇති සුබ ඵල තීව්‍ර වන බවට ද සඳහන්ය. මෙම ගල කේශරී යෝගය යෙදෙන සෑමවිටම ගජ කේශරී යෝගය ද නිතතින් උදා වේ. නමුත් ගජ කේශරී යෝගය යෙදෙන සෑමවිටම ගල කේශරී යෝගය නොයෙදෙන බව ද තරයේ මතක තබා ගත යුතුමය.

ගජ කෙශරී යෝගය සඳුගෙන් 1,4,7,10 යන ඕනෑම කේන්ද්‍රස්ථානයක ගුරු ග්‍රහයා සිටීමෙන් උදාවන නමුත් ගල කේශරී යෝගය ලග්නයෙන් පමණක් කේන්ද්‍රගත වීමෙන් උදා වේ. 4,10,7 යන ස්ථානයකින් සඳුන් ගුරුත් කේන්ද්‍රගත වීම තුළින් ගල කේශරී යෝගය උදා නොවේ.

ගල කේශරී යෝගය ඔබේ හස්තයේත් තිබේද?

ගල කේශරී යෝගය ජන්මපත්‍රයක පිහිටන ආකාරය සලකා බලමු.

මෙම ජන්මියාගේ සඳු ග්‍රහයාත් ගුරු ග්‍රහයාත් ලග්නයෙන් කේන්ද්‍ර ගත වී තිබීම දැකිය හැකිය. ගල කේශරී යෝගයට අයත් සඳු හා ගුරු යන ග්‍රහයන් දෙදෙනා පාප පීඩිත නොවී අසුභ දෘෂ්ටි නොලැබ, රාශි ගත බලය ද සුබ වී මෙම ග්‍රහයන් 22වන දෙර්කානාධිපති 64 නවාංශකාධිපති,බාධක ග්‍රහයා චර නවාංශකාධිපති නොවී අෂ්ටමාංශ ගත හෝ නිදනාම්ශ ගත නොවී සුපිරිසිදුව ප්‍රබලව සිටී නම් අදාළ ජන්මියාට සැපවත් සුවපහසු ජීවිතයක් හිමිවන බව සෘෂි මතයයි. එමෙන්ම දැහැමි, තැන්පත්, කිර්තිමත් පුද්ගලයෙක් ද වන අතර ඕනෑම ස්ථානයක නායක තත්ත්වයට පත්වීම ද දැකිය හැකිය. මොවුන් ගුණගරුක පුද්ගලයන් බවට ප්‍රචලිත වේ.

ප්‍රභල ලෙස ඵල දෙන මට්ටමේ පිහිටි ගල කේශරී යෝගය හිමි ජන්මියාගේ හස්තයේ ද එම ගල කේශරී යෝගයට අදාළ පිහිටීම දැකිය හැක.

හස්තයේ ජීවන රේඛාවෙන් ඇරඹෙන ආරෝහන රේඛාවක් ගුරු මණ්ඩලය හරහා ශනි මණ්ඩලයට ගමන් කර, සඳු රේඛාව රවි මණ්ඩලයට ගමන් කිරීමක් සිදුවන අතර ගුරු ශනි චන්ද්‍ර මණ්ඩල ලා රෝස පැහැයෙන් උත්තලාකාරව පිහිටීම.

ගල කේශරී යෝගය ඔබේ හස්තයේත් තිබේද?

ජ්‍යොතිෂවේදිනී, දේශබන්ධු
ආචාර්ය මංජුලා පුෂ්පරාංගනී පල්ලෙබැද්ද
පානදුර. 0382239729

advertistmentadvertistment
advertistmentadvertistment