ග්‍රාම නිලධාරීහු අද-හෙට වර්ජනයේ

68

සේවා ව්‍යවස්ථාව ග්‍රාම නිලධාරි සේවාවලට අවශ්‍ය විදිහට ලබානොදීම සහ දීමනා වර්තමානයට ගැළපෙන පරිදි ලබානොදීම යන ගැටලුවලට රජය මැදිහත් නොවීම නිසා අද (27දා) සහ හෙට (28දා) සියලු සේවාවලින් ඉවත්ව ග්‍රාම නිලධාරීන් වැඩවර්ජනයේ නිරත වන බව ශ්‍රි ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා “දිවයින”ට පැවැසීය.

අද සහ හෙට ජනතාවට සිදුවන අපහසුතාවයන් සම්බන්ධයෙන් රජය වගකිව යුතු බවද හෙතෙම කීය.

මෙම වැඩවර්ජනය සඳහා දිවයිනේ ග්‍රාම නිලධාරීන් 11,700 දෙනකු සම්බන්ධ වන බවද හෙතෙම කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment