ගිය අවුරුද්දේ මාළු පරිභෝජනය වැඩි වෙලා

91

ඉකුත් වර්ෂයේ දී (2023) මෙරට ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය දිනකට ග්‍රෑම් 32.5ක් දක්වා වැඩිවී ඇති බව ධීවර අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලාංකික ප්‍රජාවගේ පෝෂණ මට්ටම ඉහළ මට්ටමක පවත්වා ගනිමින් මන්දපෝෂණ තත්ත්වය දුරලීම සඳහා ප්‍රධානතම ප්‍රෝටීන් ප්‍රභවයක් ලෙස මත්ස්‍ය පරිභෝජනය සැලකිය හැකි බව ද ධීවර අමාත්‍යාංශය කියයි.

මෙම වසරේ දී මත්ස්‍ය සම්පත කාර්යක්ෂම ලෙස පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට අපේක්ෂා කරන බව සඳහන් කරන ධීවර අමාත්‍යාංශය 2023 වර්ෂයේ දී මෙරට සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 407,070ක් බව ද සඳහන් කරයි. ඉකුත් වර්ෂයේ දී කරදිය ධීවර කර්මාන්තයෙන් මෙට්‍රික් ටොන් 293945ක මත්ස්‍ය නිෂ්පාදනයක් සපුරා තිබූ අතර මිරිදිය ධීවර කර්මාන්තය මගින් මෙට්‍රික් ටොන් 113,125ක මත්ස්‍ය අස්වැන්නක් ලබා තිබුණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment