ගුජරාට පාලම කඩා වැටී මියගිය 47 ක්ම දරුවන්… මෝදි එන ආරංචියට මෝර්බි රෝහලේ තීන්ත ගායි

628

ගුජරාටයේ මෝර්බි වැල් පාලම කඩාවැටී මියගිය 141 දෙනාගෙන් 47 දෙනකු කුඩා දරුවන් බව හෙළි වී තිබේ. මියගිය කුඩාම දරුවා දෙහැවිරිදි ය.

කෙසේ නමුත් තවත් සියයක් පමණ අතුරුදන් බව ඉන්දීය මාධ්‍ය කියයි. ඉන්දීය අගමැති නරේන්‍ද්‍ර මෝදි මෙම විපත සිදු වූ ස්ථානයට ඊයේ (01 දා) පැමිණීමට නියමිතව තිබිණි.

අගමැතිවරයා මෝර්බි රෝහලට පැමිණීමට නියමිත බැවින් එය හදිසියේ තීන්ත ගා පිරියම් කිරීම එරට විපක්‍ෂයේ දැඩි විවේචනයට ලක්විය. මෙවන් විපතක් සිදුව තිබියදී මේ රෝහලේ තීන්ත ගෑම දැඩිව සමාජ මාධ්‍යවල සමච්චලයට ලක්ව තිබේ.

චතුර පමුණුව


advertistmentadvertistment