චණ්ඩි පාට් දමා ඡන්ද ගන්න බැහැ – දිගම්බරම්

82

වතුකරයේ ඇතැම් දේශපාලනඥයින් නීතිය අතට ගෙන චන්ඩි පාට් දමමින් රඟපෑමක නියැලීමෙන් වතුකරයේ ජනතාවගේ ඡන්දය ලබාගැනීමට උත්සාහ කළත් වතුකරයේ ජනතාව එම රඟපෑමට හසු නොවන බව දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක සහ නුවරඑළිය දිස්ත්‍රික් පා.ම. පලනි දිගම්බරම් (ජාතික සමගි ජන බලවේගය) මහතා පැවසීය.

පලනි දිගම්බරම් මහතා ඒ බැව් කියා සිටියේ ඊයේ (02දා) නොර්වුඩ් මානෙළු වත්තේ වතු කම්කරුවන්ට සෙවිලි තහඩු බෙදා දීමේ අවස්ථාවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පා.ම. පලනි දිගම්බරම් මහතා කියා සිටියේ, ආණ්ඩු පක්ෂය මැතිවරණය කල් දාන්න උත්සාහ කරමින් ඉන්නවා, රටේ ව්‍යවස්ථාව අනුව මැතිවරණය කල් දාන්න බෑ. ඔක්තෝබර් මාසයට කළින් මැතිවරණය තියන්න ඕනි. අනිවාර්යයෙන්ම මැතිවරණය තියෙනවා.

වතුකරයේ ඇතැම් වෘත්තීය සමිති නායකයින් වැඩ කළේ නෑ ඒ නිසා එයාලා හිතනවා පොඩි චන්ඩි පාට් එකක් දැම්මම මිනිස්සු තියාගන්න පුළුවන් කියලා. දැන් වතුකරයේ ජනතාව හොඳට ඉගෙන ගත්ත අය ඉන්නේ ඒ නිසා බොරුවට චන්ඩි පාට් දාලා රඟපාලා ඡන්දය ගන්න බෑ.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment