චමරි දෙවෙනි වරටත් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව වෙයි

889

ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ් කාන්තා විස්සයි 20 ලීග් තරගාවලියේ සිඩ්නි තන්ඩර්ස් පිලට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු අඛණ්ඩව දෙවෙනි වරටත් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය.

ඒ සමගම ඇය නියෝජනය කරන කණ්ඩායම ද පිට පිට දෙවැනි ජයග්‍රහණයත් වාර්තා කිරීමට සමත් විය.

මෙල්බර්න් රෙනගේඩ්ස් පිලට එරෙහිව පෙරේදා සිඩ්නි නුවර පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් මෙල්බර්න් පිල ඕවර 20 අවසානයේ කඩුලු 5කට ලකුණු 147ක් රැස් කළ අතර, සිඩ්නි පිල ඕවර 17.3කදී කඩුලු 8ක් ඉතිරිව තිබියදී තරගය ජය ගත්තේ චමරිගේ වේගවත් අර්ධ ශතකය හේතුවෙනි. පන්දු 54කට මුහුණ දුන් ඇය හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 80ක් රැස් කළාය.


advertistmentadvertistment