චීන ගුවන් අනතුරෙන් 132 දෙනාම මියගිය බව තහවුරු වෙයි

256

ඵඹ5735 යානය පසුගිය සඳුදා දකුණු චීනයේ දී කඩා වැටීමෙන් මගීන් සහ කාර්ය මණ්ඩලය 132 දෙනා මියගිය බව චීන නිලධාරීන් තහවුරු කර ඇත.

 චයිනා ඊස්ටර්න් ගුවන් යානය කුමින් සිට ගොන්සු දක්වා පියාසර කරමින් සිටියදී ගුවන්සි හි දැඩි වනාන්තර ප‍්‍රදේශයකට කඩා වැටී තිබිණි. ඞීඑන්ඒ විශ්ලේෂණය මගින් මේ වන විට විපතට පත් වූවන්ගෙන් 120 දෙනකු හඳුනාගෙන ඇති බව ගලවා ගැනීමේ කණ්ඩායම් ප‍්‍රකාශ කළ බව ගුවන් සේවා නිලධාරීහු පවසති.

 පළමු කළු පෙට්ටිය බදාදා සොයා ගත් අතර විශේෂඥයන් විසින් පරීක්ෂා කිරීම සඳහා බීජිං වෙත යවා ඇති බව රොයිටර් පවසයි. එහි නියමු කුටියේ හඬ පටිගත කිරීමේ යන්ත‍්‍රය තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. දෙවන කළු පෙට්ටිය තවමත් සොයමින් සිටින බවයි ඔවුන් වැඩිදුරටත් පවසා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment