ජගත් ක්‍රිකට් ලොක්කෝ ඇමැති හරින් හමුවෙති

158

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලර්ඩයිස් මහතා ඇතුළු එම කවුන්සිලයේ නියෝජිත පිරිසක් සහ ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (10 වැනිදා) පැවැත්විණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා ඇති තහනම පිළිබඳව මූලික කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙම සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ. එම සාකච්ඡාව සඳහා ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශ ලේකම් කේ.මහේසන්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ශෙමාල් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරුද සහභාගී වී ඇත. අදාළ සාකච්ඡාවෙන් අනතුරුව ක්‍රිකට් කවුන්සිල නියෝජිතයෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද හමුවීමට නියමිතව සිටියහ.

ඡායාරූප- තිළිණ කළුතොටගේ


advertistmentadvertistment