ජනකගේ පෙත්සම් තුන යළි කැඳවීම දෙසැම්බරයේ

71

ලංකා විදුලිබල මණ්ඩලය විසින් පසුගිය පෙබරවාරි 15 වැනිදා විදුලිබිල සියයට 60 කින් ඉහළ දැමීමට ගත් තීරණය මගින් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයවී ඇති බවට නිගමනය කරන ලෙස ඉල්ලා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා ඇතුළු පිරිසක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුන ලබන දෙසැම්බර් 5 වැනිදා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (19දා) නියම කළේය.

එම පෙත්සම් ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන හා ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි.

පෙත්සම්කාර ජනක රත්නායක මහතා මේ වනවිට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු නොකරන බැවින් විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අවශ්‍ය වනුයේ ඔහුගේ මතය නොව නව සභාපතිවරයාගේ මතය වන්නේ යැයි කියමින් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු දැක්වූහ.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment