ජනාධිපතිවරණය නෙවෙයි: රනිල්ටම තව වසර 5ක් දෙන්න ජනමතවිචාරණයකට යමු – පාලිත රංගෙ බණ්ඩාර

143

රට පවතින තත්ත්වය හමුවේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට වඩා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තව වසර පහක කාලයක් ජනාධිපතිධුරයේ කටයුතු කිරීමට ජනමත විචාරණයක් පැවැත්වීම වඩාත් යෝග්‍ය යැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා (22දා) පැවසීය.

“රටේ ඉන්ධන, ගෑස් ඇතුළු පෝලිම් යූගය අවසන් කර රටේ ආර්ථිකය යහමඟට ගනිමින් ජනාධිපතිවරයා සිදුකරගෙන යන වැඩ කොටස තවත් ශක්තිමත් කිරීම සඳහා ජනමතවිචාරණයක් පවත්වා තව වසර පහක් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරයේ තබා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 224 දෙනා එක්ව කටයුතු කළ යුතුයි” යන්න එජාප මතය බව ද රංගෙ බණ්ඩාර මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේ (22දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

සජිත් ප්‍රේමදාස රාජකීය විද්‍යාලයේ, සාමාන්‍ය පෙළට පහළින් පන්තියක අධ්‍යාපනය ලබා තිබෙනවා. අනුර කුමාර දිසානායක මහතා විශ්වවිද්‍යාලයට ගොස් ඇතත් ආර්ථිකය පිළිබඳ නිසි දැනුමක් නොමැති, කතාකිරීමට දක්ෂයෙක්. ධම්මික පෙරේරා සහ දිලිත් ජයවීර යන මහත්වරුන් ගත්තත් ඔවුන් ගැන ද ව්‍යවසායකයන් වුවත් රටක් කරගෙන යෑමට පළපුරුද්දක් නැහැ.

මේ සියලුදෙනා සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගතහොත් දේශපාලන අත්දැකීම්, ජාත්‍යන්තරයේ පිළිගැනීම, උගත්කම ඇතුළු සියලු අංශයන්ගෙන් පෙරමුණේ. රට භාරගන්න එන්න කියපු වෙලාවේ එම අභියෝගය භාරගත් එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ යැයි ද ඒ මහතා කීය.

“එවැනි නායකයෙක් රටේ සිටියදී පක්ෂවල ද මුදල් නාස්ති කරමින් ජනාධිපතිවරණයක් පැවැත්වීමට වඩා ජනමතවිචාරණයකින් ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතාම පත්කර ගැනීම වඩාත් සුදුසුයි” යැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment