චීන යුද නැව්වලට ඉන්ධන දීම ගැන ඉන්දීය ඇමරිකා විරෝධය

293

චීන යුද නැව්වලට ගැඹුරු මුහුදේ දී ශ්‍රී ලංකාව ඉන්ධන ලබාදීම ගැන ඇමරිකාව සහ ඉන්දියාව ද දැඩි විරෝධය පා ඇත. හම්බන්තොට වරායෙන් තෙල් ලබාගෙන එම තෙල් ඈත මුහුදට ගෙන ගොස් චීන හමුදා නැව්වලට සපයන බව ඇමරිකාව සහ ඉන්දියාව සොයාගෙන තිබේ.

දැඩි ආර්ථක අර්බුදයකට මුහුණපා සිටින ශ්‍රී ලංකාව ඩොලර් උපයා ගැනීම සඳහා මෙම පියවර ගෙන ඇතැයි වාර්තා වේ. මේ අතර රුසියානු යුද නැව් දෙකකට ශ්‍රී ලංකාවේ මුහුදු කලාපයට ඇතුළු වීමට ශ්‍රී ලංකාව අවසර දී තිබේ. අද්මිරාල් ටි්‍ර බුම්ප් සහ වර්යාග් නැමති මෙම නැව් දෙකින් වර්යාග් නැව අධිබල මිසයිලවලින් සමන්විත වේ.

යුක්රේන යුද්ධය තවදුරටත් පවතින අවස්ථාවේ මෙම යුද නැව් ශ්‍රී ලංකාවේ මුහුදු කලාපයට ඇතුළු වීම ගැන ඇමරිකාව දැඩි නිරීක්ෂණයේ සිටින බව වාර්තා වේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment