ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළුවීම තහනම්: රන්ජන් ජයලාල්ට උසාවි නියෝගයක්

146

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නායක රන්ජන් ජයලාල් ඇතුළු පිරිසට ජනාධිපති ලේකම් කාර්යාලයට, ජනාධිපති මන්දිරයට මුදල් අමාත්‍යාංශයට සහ මහ බැංකුවට ඇතුල්වීම වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (4 දා) නියෝගයක් නිකුත් කළේය.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව ලංවීම වෘත්තීය සමිති පෙරේදා (3 දා) සිට දින තුනක විරෝධතාවක් ලංවීම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ආරම්භ කර ඇත.

මහජනතාවට පීඩාවක් නොවන පරිදි හා රාජ්‍ය දේපළවලට අලාභ හානි සිදු නොකරන ලෙස ද කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා උද්ඝෝෂකයන්ට නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment