දේශපාලන වුවමනාවට ඕඅයිසීලා පත් කිරීමෙන් දක්ෂයින්ට කැපිල්ලක් මාරු ලැයිස්තුව අසාධාරණයි – පොලිසියෙන් චෝදනා

144

පොලිස් ස්ථානාධිපතිවරුන් 270 දෙනකු පත්කිරීම දේශපාලන අවශ්‍යතාවන් මත සිදුකිරීම නිසා දක්ෂ නිලධාරීන් විශාල පිරිසකට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බව පොලිස් නිලධාරීහු චෝදනා කරති.

දේශපාලනඥයන්ගේ බලපෑම් මත සුදුසුකම් නැති ඇතැම් නිලධාරීන් පොලිස් ස්ථානාධිපති ධුරයට පත්කිරීම නිසා පොලිස් දෙපාර්තමේන්තුව තුළ දැඩි අවුල් සහගත තත්ත්වයක් උද්ගත වී ඇති බව ද එම නිලධාරීහු කියා සිටිති.

පොලිස් ස්ථානාධිපති ධුරයට පත් කිරීමට පොලිස් නිලධාරීන් සඳහා සම්මුඛ පරීක්ෂණ ගණනාවක් පැවැත්වූ අතර එම පරීක්ෂණවලින් ඉහළ ලකුණු ලබාසිටි නිලධාරීන් වෙනුවට වෙනත් නිලධාරීන් ස්ථානාධිපති තනතුරුවලට පත්කර ඇති බවට චෝදනා එල්ල වී ඇත.

මේ අතර පොලිස් ස්ථානාධිපති ධුරයේ ඉහළම ශ්‍රේණියේ සිටි දක්ෂ නිලධාරීන් පහළ ශ්‍රේණියේ පොලිස් ස්ථානවලට අනියුක්ත කර ඉහළ ශ්‍රේණිවල පොලිස් ස්ථාන සඳහා පහළ ශ්‍රේණිවල පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම නිසා දැඩි අර්බුදයක් ද නිර්මාණය වී ඇත.
්-1 ශ්‍රේණියේ පොලිස් ස්ථානයක් වන වැල්ලවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා ක්‍ ශ්‍රේණියේ පොලිස් ස්ථානයක් වන වෙල්ලාවලි පොලිස් ස්ථානාධිපති ලෙස පත්කර ඇත.

රත්නපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ්-3 ශ්‍රේණියේ පොලිස් ස්ථානයක් වන දෙහිඅත්තකණ්ඩිය ස්ථානාධිපති ලෙස පත්කර තිබේ.

මේ ආකාරයට මෙම මාරුවීම් ලැයිස්තුවේ දක්ෂ නිලධාරීන් රැසකට අසාධාරණයක් සිදුවී ඇති බව පොලිස් ආරංචි පවසයි.

මෙම පොලිස් මාරුවීම් සියල්ල මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය මගින් සකස් කර ඇති බව ද වාර්තා වෙයි. බහුතරයක් පොලිස් මාරුවීම් ප්‍රදේශයේ දේශපාලනඥයන්ගේ කැමැත්ත මත සිදු වී ඇති බව ද පොලිස් ආරංචි මාර්ග කියයි.

මෙම පොලිස් මාරුවීම් ලැයිස්තුව ඉතාම අසාධාරණ ආකාරයට සකස් කළ එකක් බවත් දක්ෂ නිලධාරීන් රැසක් නොසලකා හැර ඇති බවත් පොලිස් නිලධාරීහු පවසති.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment