ගල් අඟුරු නැවක් 5 වැනිදා දිවයිනට

89

නොරොච්චෝල බලාගාරය සඳහා ගල්අඟුරු මෙට්‍රික්‌ ටොන් 60000ක් රැගත් නෞකාවක් ජනවාරි 5 වැනිදා (බ්‍රහස්පතින්දා) මෙරටට ළඟා වන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පැවසීය.

මේ අන්දමට ලබන ජනවාරි 9 වැනිදා හා 16 වැනිදා තවත් නෞකා දෙකක් ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා සඳහන් කළේය. මෙම නෞකා සඳහා දැනටමත් සියයට තිහක (30%) මූලික මුදල් ගෙවා අවසන් බව කී ඇමැතිවරයා ජනවාරි මස අවසානය වන විට ඒ අන්දමට නෞකා 07ක් ගෙන ඒමට බලාපොරොත්තු වන බවද කීය.

ගල්අඟුරු ලබා ගැනීම සඳහා කරන ලද නව ටෙන්ඩර් කැඳවීමට අනුව ඉදිරියේදී ගල්අඟුරු සැපයීම ඉන්දුනීසියානු සමාගමකට ලබා දුන් බවද කංචන විජේසේකර මහතා පැවසීය.

ඇතිවූ ගැටලු හේතුවෙන් නීතිපති උපදෙස් අනුව අඩුම ලන්සුව ඉදිරිපත් කර තිබීම සැලකිල්ලට ගනිමින් එම ටෙන්ඩර් ප්‍රදානය සිදු කළ බවද හෙතෙම පෙන්වා දුන්නේය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment