ජ’පුර විරෝධතාවට කඳුළු ගෑස්: 15කට තුවාල

203

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ඊයේ (17දා) සවස පැවැත්වූ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් ජ’පුර සරසවිය ඉදිරිපිට මාර්ගයේදී අවස්ථා 4ක් තුළ කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරනු ලැබීය. සරසවිය ඇතුළට ද කඳුළු ගෑස් ප්‍රහාර එල්ලවී ඇති බව සිසුහු කීහ.

ජ'පුර විරෝධතාවට කඳුළු ගෑස්: 15කට තුවාල

මෙම පා ගමන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිට නුගේගොඩ දෙසට ගමන් කරමින් තිබියදී මෙලෙස ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කර තිබේ. මෙහිදී සිසුන් 15කට පමණ තුවාල සිදුව තිබිණි. වැට් බදු අඩු කරන ලෙස ඉල්ලමින් හා මහපොළ ශිෂ්‍යාධාර වැඩි කිරීම ඇතුළු සරසවි ප්‍රතිපාදන ලබාගැනීම ආදී ඉල්ලීම් මත මෙම විරෝධතාව දියත්කර තිබිණි.
පින්තූර – නිශාන් එස්. ප්‍රියන්ත, සටහන – ප්‍රදීප් සමරකෝන

advertistmentadvertistment
advertistmentadvertistment