රු. 2,000කට තමන්ගෙම මුහුණ මුද්දරයකට

133

රුපියල් 2,000ක් වැයකොට තම ඡායාරූපය සහිතව මුද්දරයක් මුද්‍රණය කරගැනීමේ අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඒ අනුව එම මුදලට තම ඡායාරූපය සහිත මුද්දර 20කින් සමන්විත පත්‍රිකාවක් ලබාගැනීමේ පහසුව මේ වන විට සලසා ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා ප්‍රකාශ කළේය.

මුල්දින කවරයක් සහ මුද්දරයක් එළිදැක්වීමේ අවස්ථාවට පෙරේදා (06 දා) පෙරවරුවේ කොළඹදී එක්වෙමින් තැපැල්පතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් තැපැල්පති රුවන් සත්කුමාර මහතා මෙසේ කීය. තමන්ගේ පිංතූරය දාලා මුද්දරයක් මුද්‍රණය කර ගන්න දැන් පුළුවන්. දැන් අපි අයකරන්නේ රුපියල් 2,000යි. මුද්දර 20ක පත්‍රයක් දෙනවා. තමන්ගේ උපන් දිනයට, තමන්ගේ යාළුවාගේ උපන් දිනයට, තමන්ගේ දුවගේ හෝ පුතාගේ විවාහ ඇරැයුම්පත යවන්න ඒ දෙන්නාගේ පිංතූරය තිබෙන මුද්දරයක් ඇතිව යවන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් තැපැල් මුද්දරයක් විදියට භාවිත කරන්නත් පුළුවන්.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment