උසස් පෙළ උසස් ලෙස සමත් දිරිය දරුවන් මෙන්න – සිසුන් 10,000කට විෂයයන් තුනටම ඒ සාමාර්ථ

566

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල හැකි ඉක්මනින් ලබාදෙනවා

2022 ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාග දෙසැම්බර් මුල

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන


උසස් පෙළ විභාගයේ (2021) ප්‍රතිඵල මත සිසුන් 10,000 ක් විෂයන් තුටනම ‘ඒ’ සාමාර්ථ ලබාගෙන ඇත. එම ප්‍රතිඵලවලට අනුව සිසුන් 27,352 ක් විෂයන් තුනම අසමත්වී ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා විභාග දෙපාර්තමේන්තුවේ ඊයේ (29 දා) පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

නිකුත් කරනු ලැබූ ප්‍රතිඵලවලට අදාළව ඒ ඒ විෂය ධාරාව යටතේ දිවයිනේ පළමු ස්ථානයේ සිට දසවැනි ස්ථානය ලබාගත් සිසුන් සහ ඔවුන් අධ්‍යාපන ලැබූ පාසල් පහත දැක්වේ.

භෞතික විද්‍යා විෂය ධාරාව

1. සමරකෝන් රාළලාගේ සහන් යසන්තක සමරකෝන්, කො/රාජකීය විද්‍යාලය-කොළඹ, 2. ජයචන්ද්‍රන් තුවරාජෙෂ්, කො/හින්දු විද්‍යාලය-කොළඹ 04, 3. ඇල්වෙල දේවගේ හන්සජ රමිත් ඇල්වෙල, බණ්/බණ්ඩාරවෙල මහා විද්‍යාලය-බණ්ඩාරවෙල, 4. ලෝකිතන් කිශෝපන්, මඩ/චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලය-චෙන්කලඩි, 5. මීගහවත්තේ විතාරම්ලාය ලහිරු මිහිරන්ද ජයවීර, කළු/තක්‍ෂිලා මහා විද්‍යාලය-හොරණ, 6. නිලක්නා දිසීවරී වරුෂවිතාන, කො/විශාඛා බාලිකා විද්‍යාලය, 7. මරුකොන මුහන්දිරම්ගේ බුවනෙක සුපුන් තිලකරත්න, මා/ශා. තෝමස් ජාතික පාසල, මාතලේ, 8. හිමෙත් කිනුල බණ්ඩාර වල්ගම්පාය, කො/නාලන්දා විද්‍යාලය-කොළඹ, 9. මොහොමඩ් අශිකින් මොහොමඩ් ආසී:‘*ර්, ගා/රිච්මන්ඩ් විද්‍යාලය-ගාල්ල, 9. ලිහිණිකඩු ආරච්චිල්ලාගේ ගයත්‍රි හර්ෂිලා ලිහිණිකඩුආරච්චි, කෑ/ශා. ජෝෂප් බාලිකා මහා විද්‍යාලය-කෑගල්ල.

ජෛවීය විද්‍යා විෂය ධාරාව

1. තමිල්වන්නන් තුවරාජේෂ්, මඩ/ශා. මයිකල් විද්‍යාලය-මඩකලපුව, 2. විජේසිංහ පතිරන්නැහැලාගේ පෙත්මි ආමාෂා නිෂාමනී ජයලත්, ගම්/රත්නාවලී බාලිකා විද්‍යාලය-ගම්පහ, 3. දිසර සිත්මක ජයරත්න, මහ/ත්‍රිත්ව විද්‍යාලය-මහනුවර, 4. කෝන්ගහවත්තගේ රජිදු උවසර කෝන්ගහවත්ත, පෞද්ගලික අයදුම්කරුවෙකි, 5. අස්වැද්දුම ආරච්චිලාගේ නිතික මින්වර ජයතිලක, ගා/රිච්මන්ඩ් විද්‍යාලය-ගාල්ල, 6. වනුද අනුසර ජයලත්, කළු/තක්‍ෂිලා මහා විද්‍යාලය-හොරණ, 7. චාමික ඉදුසර ජයසේකර, ගා/රිච්මන්ඩ් විද්‍යාලය-ගාල්ල, 8. සිවකෝනේසන් සිවම්සන්, යා/හින්දු විද්‍යාලය-යාපනය, 9. අට්ටාල ගමරාළලාගේ බෙනුල්ජිත් මින්දුල කරුණාරත්න, රාජකීය විද්‍යාලය-කොළඹ, 10. ඉසුක මන්දිනු දුල්නෙත් එදිරිසිංහ, රාජකීය විද්‍යාලය-කොළඹ.

වාණිජ්‍ය විෂය ධාරාව

1. දොන් පණ්ඩිතරත්නලාගේ ඉෂිනි නේහා අමරරත්න, ගම්/රත්නාවලී බාලිකා මහා විද්‍යාලය-ගම්පහ, 2. රෂිනි දුල්යා ඩයස්, කො/සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය-කොළඹ 07, 3. මොහොමඩ් නබාවි මොහොමඩ් නිහාඩ්, මාර/ශා. තෝමස් විද්‍යාලය-මාතර, 4. කහල්ලේ වෑකඩපොල වාසල මුදියන්සේලාගේ යසංගි ශාක්‍යා වෑකඩපොල, කො/සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය-කොළඹ 07, 5. මදනසිංහ ඉමන්දි තනුදරා, කො/විශාඛා බාලිකා විද්‍යාලය-කොළඹ 05, 6. කිනුල චමදිත් ගුණරත්න, කො/ඩී.එස්. සේනානායක විද්‍යාලය, කොළඹ, 7. මිහාන් දිමත් තිලකරත්න, කො/රාජකීය විද්‍යාලය කොළඹ, 8. කුලතුංග මුදලිගේ දෝන කුලනි රුවන්යා කුලතුංග, කො/සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය-කොළඹ 07, 9. වාඩිය රැල්ලගේ වින්දනී සහන්යා තමරසි, ර/ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය, ඇහැලියගොඩ, 10. කුරුකුලසූරිය නිශිකා ක්ලැව්ඩියා රොඩි්‍රගෝ, පෞද්ගලික අයදුම්කරුවෙකි.

කලා විෂය ධාරාව

1. හීන්කෙන්ද මුදියන්සේලාගේ ඉෂාර ලක්මාල් හීන්කෙන්ද, බදු/කැන්දෙගොල්ල මහා විද්‍යාලය-කැන්දෙගොල්ල, 2. වෙලගේ ජිහාන් සඳරුවන්, කො/ආනන්ද විද්‍යාලය-කොළඹ, 3. අබේවික්‍රම වෑපිටියගේ සකුන්තලා සෙව්වන්දි, චන්ද්‍රිකාවැව ජයන්ති මහා විද්‍යාලය-පදලන්ගල, 4. පුබෝදි පබසරා බරනිවල ලියනගේ, කො/මියුසියස් විද්‍යාලය-කොළඹ, 5. ඔෂිනි තක්‍ෂිලා කුමාරි පිලපිටිය, කො/මියුසියස් විද්‍යාලය-කොළඹ, 6. ඉමියගේ කසුන් තේජිත, කලු/තක්ෂිලා විද්‍යාලය-හොරණ, 7. උඩුවක හේවගේ අමාදි දෙව්මිණි උඩුවක, කො/සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය, 8. පාදුක්කගේ රනුදි වොජිත්මා ගුණවර්ධන, කො/විශාඛා විද්‍යාලය-කොළඹ, 9. කොස්වත්ත ගමගේ හෙසදි කුලසිරිවර්ධන, ගම්/රත්නාවලී බාලිකා මහා විද්‍යාලය-ගම්පහ, 10. පනාගෙඩ කංකානමලාගේ ප්‍රදීපා ජයවීර, ර/ෆර්ගියුසන් බාලිකා උසස් විද්‍යාලය-රත්නපුර.

ඉංජිනේරු තාක්‍ෂණවේදය විෂය ධාරාව

1. පනම්බර ආරච්චිලාගේ නෙරන්ද දිල්හාර කුමාරසිංහ, කු/මයුරපාද මධ්‍ය මහා විද්‍යාලය-නාරම්මල, 2. බමුණු පතිරන්නැහැලාගේ පසන් මල්ෂාන් බණ්ඩාර රාජපතිරණ -කු/පොතුබෝව මහා විද්‍යාලය මාවතගම 3.  ගෝවින්නගේ සුලක්ෂි සඳුනිකා  ගෝවින්න, කො/දේවි බාලිකා විද්‍යාලය-කොළඹ, 4. ඉරුගල් බණ්ඩාරලාගේ උදිත් නින්නාද ඉරුගල් බණ්ඩාර, කු/මයුරපාද මධ්‍ය මහා විද්‍යාලය නාරම්වල- 5. වීරසිංහ මුදියන්සේලාගේ අනුෂ්ක සුදීර බණ්ඩාර – හෝ/මහින්ද රාජපක්‍ෂ විද්‍යාලය-හෝමාගම, 6. කොඩිතුවක්කු කංකානම්ගේ චමෙන් කලිඳු, හ/තේරපුත්ත ජාතික පාසල-අම්බලන්තොට, 7. හරිදු චින්තක විජේසිංහ, හෝ/මහින්ද රාජපක්‍ෂ විද්‍යාලය-හෝමාගම, 8. වීරකෝන් ආරච්චිලාගේ හසිදු සන්දීප් වීරකෝන්, අනු/කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලය-කැබිතිගෝල්ලෑව, 9. හේරත් මුදියන්සේලාගේ හේෂාන් කෞෂල්‍ය හේරත්, කුලි/කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය-කුලියාපිටිය, 10. අතුකෝරලගේ පසිඳු ප්‍රගීෂ අතුකෝරල, හො/හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය-හංවැල්ල.

ජෛව පද්ධති තාක්‍ෂණවේදය විෂය ධාරාව

1. ඉසුරි පබසරා ලොකුපතිරගේ, කො/දේවි බාලිකා විද්‍යාලය-කොළඹ 08, 2. ආරියරත්නගේ දර්ශන නිපුන් ආරියරත්න, අනු/කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලය-කැබිතිගොල්ලෑව, 3. ලන්සකාර මුදියන්සේලාගේ විශ්ව ප්‍රභාෂ්වර ලංසකාර, කුලි/කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය-කුලියාපිටිය, 4. දේවපක්ෂගේ මදුෂි නවෝදා ආරියසිංහ, කු/ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය-ඉබ්බාගමුව, 5. කිතුල් පැලගේ සන්දීපනි දිනේෂා, කු/ශා. ජෝෂප් බාලිකා මහා විද්‍යාලය-කෑගල්ල, 6. මුහමුතු උවායිස් හසිනා බානු, මඩ/මාකන් මාකර් මහා විද්‍යාලය-එරාවුර්, 7. අලියාර් නසීහා, කල්/මුහ්මද් බාලිකා විද්‍යාලය-කල්මුණේ, 8. මුණසිංහ ආරච්චිගේ ටෂිනි හන්සරා ජයතිලක, මාර/නාරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය-කඹුරුපිටිය, 9. ඉඹුලනේ අප්පුහාමිලාගේ හිරුණි කාවින්ද්‍යා සිරිවර්ධන, ගම්/රත්නාවලී බාලිකා මහා විද්‍යාලය-ගම්පහ, 10. හෙට්ටි ආරච්චිගේ නෙත්මි නවෝද්‍යා හෙට්ටිආරච්චි, ගම්/රත්නාවලී බාලිකා මහා විද්‍යාලය-ගම්පහ.

මෙවර විභාග ප්‍රතිඵල නිරීක්‍ෂණය කිරීමේදී වෙනත් වසරවල මෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා පළමු වරට පෙනී සිටි සිසුන් සමත්වීමේ ප්‍රතිශතය සියයට 60 කට වැඩි බවද ධර්මසේන මහතා කීය. විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් සියයට හැටහයයි දශම දහහතරක් ලෙස වැඩිම ප්‍රතිශතයද අඩුම ප්‍රතිශතය ලෙස කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් සියයට පනස් අටයි දශම අනූහතරක් ලෙස වාර්තාවී ඇත. කොළඹ දිස්ත්‍රික්කය සියයට හැටතුනයි දශම හතළිස් දෙකක් ලබාගෙන තිබෙන අතර එය දිස්ත්‍රික්ක 25 අතරින් 13 වන ස්ථානයේ පවතී. කළුතර 14 වන ස්ථානයද, ගම්පහ 20 වැනි ස්ථානයටද පත්ව තිබේ.

විභාගය සඳහා පෙනී සිටි සිසුන් 272,682 ක් අතරින් 1,71,497 විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලබා ඇත. එය ප්‍රතිශතයක් ලෙස සියයට හැටදෙකයි දශම අනූනවයකි.

විභාගයට පෙනී සිටි සිසුන් 49 දෙනකුගේ ප්‍රතිඵල අත්හිටුවා තිබෙන අතර ඉන් පාසල් අයදුම්කරුවන් සංඛ්‍යාව 37 කි. මෙම සිසුන්ගේද ප්‍රතිඵල නිරීක්‍ෂණය කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතය. කොපි කිරීම, පිළිතුරු පත්‍රවල එකම ආකාරයෙන් පිළිතුරු ලිවීම, පිළිතුරු පත්‍රවල වෙනත් අත්අකුරුවලින් පිළිතුරු ලිපි තිබීම ඇතුළු කරුණු කිහිපයකට අදාළව ප්‍රතිඵල අත්හිටුවීමට පියවර ගෙන ඇත.

නිකුත් වූ ප්‍රතිඵල සමග දෙවැනි වර හෝ තෙවැනි වර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අදහස් කරන සිසුන් සැප්තැම්බර් 01 සිට සැප්තැම්බර් 10 දක්වා නැවත අයදුම් කිරීමට විභාග දෙපාර්තමේන්තුවට අවස්ථාව ලබාදී ඇත. නැවත ප්‍රතිඵල සමීක්‍ෂණය සඳහා ඉදිරියේදී දින ප්‍රකාශ කිරීමට නියමිතය.

ප්‍රතිඵල නිකුත් කිරීමට දින 15 ක් පමණ ප්‍රමාද වූ බවත් එයට ඉන්ධන අර්බුදය, මුදල් හිඟවීම ඇතුළු කාරණා කිහිපයක් බලපෑ බවද ධර්මසේන මහතා කීය. එම නිසා ඉදිරියටත් විභාග පැවැත්වීමට අවශ්‍ය නිසා විභාග දෙපාර්තමේන්තුව ද අත්‍යවශ්‍ය සේවා ලයිස්තුවට ඇතුළත් කරන ලෙසද ඒ මහතා ඉල්ලීමක් කළේය.

පැවැති සාමාන්‍ය පෙළ (2021) ප්‍රතිඵලද හැකි ඉක්මනින් ලබාදීමට අදහස් කරන බවත් 2022 ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාගයත් ලබන දෙසැම්බර් මුල පැවැත්වීමට බොහෝදුරට ඉඩ ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා
ඡායාරූපය –  සමන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment