ජාතික කනිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය වැස්ස නිසා කල්යයි

34

මේ වන විට රට තුළ පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත ජාතික කනිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දමන්නට සංවිධායකයින් වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය තීරණය කර තිබේ.

මෙවර තරගාවලිය ලබන සිකුරාදා (07දා) සිට ඉරිදා (09දා) දක්වා හෝමාගම – දියගම පිහිටි මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට පියවර ගෙන තිබුණි. ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3500 කට ආසන්න පිරිසක් සහභාගී වීමේ අපේක්ෂාවෙන් පසු වෙති.

ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය අවුරුදු 23 න් පහළ (පිරිමි සහ කාන්තා) මෙන්ම අවුරුදු 20 න් පහළ, 18 න් පහළ සහ 16 න් පහළ (බාලක සහ බාලිකා) යන වයස් සීමාවන් යටතේ ක්‍රියාත්මක කෙරේ.

මෙවර තරගාවලිය ක්‍රියාත්මක කෙරෙන දින ඉදිරියේ දී දැන්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය පියවර ගෙන තිබේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment