ජාතික ලැයිස්තුවෙන් පත්වන 30%ක් කාන්තාවන් වෙන්න ඕනෑ:

36

‘22’ මැතිසබයට ගෙනෙයි
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත නමින් නව යෝජනාවක් ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීනි, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් ඊයේ (22දා) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.

පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන් 225 අතරට ජාතික ලැයිස්තුවෙන් පත්වන 29 දෙනාගෙන් සියයට 30ක් කාන්තාවන් පත් කරන ලෙස යෝජනා කරමින් එම පනත් කෙටුම්පත සකසා ඇත.

ඒ සමගම පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා වන යෝජනාවක් ද ඇය විසින් සභාවට ඊයේ දින ඉදිරිපත් කරන ලද අතර මහ මැතිවරණයකදී නාමයෝජනා ලබා දෙන අවස්ථාවේ ඒ ඒ පක්ෂවල විධායක කමිටුවලට කාන්තා නියෝජනය සියයට 30 දක්වා වැඩි කරන ලෙස එමගින් ඉල්ලා ඇත.

පාර්ලිමේන්තු කාන්තා සංසදයේ සභාපතිවරිය වශයෙන් ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අදාළ යෝජනා ඉදිරිපත් කළ අතර යෝජනා දෙකම සමගි ජන බලවේගය මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය විසින් ස්ථිර කරන ලදි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment