ජීප් රියෙන් හප්පා මරන්න හැදුවාට ගණකාධිකාරි අවුරුදු 6ක් හිරේට

1

වන්දියක් ගෙවන්නත් නියම වෙයි

පුද්ගලයකු සිය ජීප් රථයේ හප්පා මරණයට පත් කිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ ගණකාධිකාරිවරයකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (28දා) බරපතළ වැඩ සහිත වසර හයක සිරදඬුවම් නියම කළේය.

එයට අමතරව අගතියට පත් පාර්ශ්වයට රුපියල් එක් ලක්‍ෂ පනස්දහසක වන්දියක් ගෙවන ලෙසටද නියම කළ විනිසුරුවරයා රුපියල් 25,000ක දඩයක් ගෙවීමට ද නියෝග කළේය.

විත්තිකරු සහ පැමිණිලිකරු එකම ගොඩනැඟිල්ලක උඩු මහලේ හා පහළ මාලයේ ජීවත් වූ බවත් පහළ මාලයේ ජීවත් වූ පුද්ගලයාගේ නිවසේ ආහාර පිසින විට ජනේලයක් අසල තබා තිබෙන ප්‍රෙෂර් කුකර් එකෙන් නැගෙන ශබ්දය අධික බව පවසමින් විත්තිකරු පහළ මාලයේ ජීවත් වූ පුද්ගලයාට බැන මරණීය තර්ජනය කිරීමෙන් අනතුරුව එලෙස ඔහු තම රියේ හප්පවා දමා ඇති බවත් පැමිණිල්ලෙන් කියැවිණි.

එලෙස සිර දඬුවම් නියම වූයේ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මාලමුල්ලගේ දර්ශන සෙනරත් විජේසුන්දර නමැති අයටය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment