ජූලි 01 සිට විදුලි බිල අඩු වෙන හැටි ඇමැති කංචන කියයි

163

ආගමික ස්ථාන සහ කුඩා කර්මාන්තවලත් ලයිට් බිල පහළට

ජූලි 01 සිට විදුලි බිල අඩු වෙන හැටි ඇමැති කංචන කියයි

ලබන මස (ජූලි) 01 වැනිදා සිට විදුලි බිල අඩු කිරීමට විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසම වෙත යෝජනාව ඉදිරිපත් කර ඇති බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ඊයේ (06දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ අනුව ගෘහස්ථ කාණ්ඩයේ පාරිභෝගිකයින්ට මෙන්ම ආගමික ස්ථාන සහ කුඩා කර්මාන්ත සඳහා ද මෙම සහනය ලබාදීමට නියමිත බවත් එම යෝජනාව අද (07) හෝ සඳුදා දිනයේ දී මහජන උපයෝගීතා කොමිසම වෙත ලැබෙනු ඇති බවත් ඇමැතිවරයා මෙහිදී කියා සිටියේය.

ඒ අනුව ඒකක 0 – 30 අතර ඒකකයක මිල රුපියල් 08 සිට 06 දක්වා අඩු කිරීමට ද, ඒකක 30 – 60 අතර රුපියල් 20 සිට 09 දක්වා අඩු කිරීමටත්, ඒකක 60 – 90 රුපියල් 30 සිට 18 දක්වා අඩු කිරීමට ද, ඒකක 90 – 120 රුපියල් 50 සිට 30 දක්වා අඩුකිරීමටත් යෝජනා කර ඇති බව ඇමැතිවරයා පැවසීය.

එම අඩු කිරීම ඊට වඩා කළ හැකි යැයි මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ කරන්නේ නම් ඒ සඳහා ද සහාය දීමට විදුලි බල මණ්ඩලය සූදානම් යැයි ද කී ඒ මහතා කාර්යක්ෂමතාව වැඩි කිරීමෙන් මෙම සහනය ජනතාවට ලබා දීමට හැකිවන බව ද කියා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment