තරූෂී හොඳම කාලය වාර්තා කරමින් රන් පදක්කම දිනයි

401

චීන තායිපේ පිටියේ අපේ දෙදෙනෙක් ජයෙන් වැජඹෙති

චීන තායිපේ විවෘත මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර අරුණ දර්ශන සහ තරුෂී කරුණාරත්න මීටර් 400 ඉසව්වේ ආධිපත්‍ය පතුරවමින් ප්‍රථම ස්ථාන දිනා ගත්හ.

මේ අතර වාරයේ දී කාන්තා මීටර් 800 ඉසව්ව මිනිත්තු 2.05.74 කින් නිමා කරමින් පළමු ස්ථානය තහවුරු කර ගැනීමට තරුෂී කරුණාරත්නට ඊයේ (02දා) හැකියාව ලැබිණි. පෙරේදා (01දා) දින මීටර් 400 ජයගත් තරුෂී කරුණාරත්න ඊයේ තම ප්‍රියතම ඉසව්ව ජය ගත්තේ තරග ආරම්භයේ සිටම පෙරමුණ ගනිමින් වීම කැපී පෙණුනි. වර්ෂාව හේතුවෙන් තෙත බරිතව තිබුණු ධාවන පථය තුළ ඇය දැක්වූ සටන්කාමීත්වය ප්‍රශංසනීයය.

කාන්තා හෙල්ල විසි කිරීමේ තරග ඉසව්වට එක්වූ නදීෂා දිල්හානි ලේකම්ගේ දෙවන ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වූයේ මීටර් 52.79 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමිනි.

චීන තායිපේ ජාතික ක්‍රීඩාංගණයේ පිහිටි නිල් පැහැති කෘතීම ධාවන පථයේ දී තම හැකියාව මැනවින් ප්‍රදර්ශනය කිරීමට අරුණ දර්ශන සහ තරුෂී කරුණාරත්න සමත් වීම එහිදී ඉහළ අගයක් ගත්තේය.

තත්. 45.82 ක තරග නිමි කාලයක් සටහන් කර ගනිමින් අරුණ දර්ශන පහසුවෙන්ම පිරිමි මීටර් 400 ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගත් අතර කාන්තා මීටර් 400 ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට තරුෂී කරුණාරත්නට හැකි වූවාය. ඒ සඳහා ඇය ගත කළ කාලය තත්. 52.48 කි.

තරුෂී කරුණාරත්න මීටර් 400 ඉසව්ව ජය ගැනීම උදෙසා සටහන් කර ගත් හොඳම පෞද්ගලික දක්ෂතාවය ලෙස මෙය සටහන් විය.

මීටර් 400 අවසන් තරගයට සුදුසුකම් ලැබූ නදීෂා රාමනායකට (තත්: 53.93) ට සිව් වැනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදු විය.

මේ අතර වාරයේ දී කාන්තා මීටර් 1500 මැදි දුර ධාවන ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගැනීමට ගයන්තිකා අබේරත්න සමත් වූවාය. ඒ සඳහා ඇයට ගත වූ කාලය මිනිත්තු 4.24.66 කි.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment