බංගලි සමග යළි මිතුරු වූ හතුරු එංගලන්තය පතුරු ගහයි

572

එංගලන්තය සහ බංග්ලාදේශය අතර පැවැති තරග තුනකින් යුත් පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම පෙරේදා (14 වැනිදා) රාත්‍රියේ දී සමත් විය.

එම පරාජය ලෝක ශූර එංගලන්ත කණ්ඩායම තරග තුනකින් යුත් ද්විපාර්ශ්වීය තරගාවලියක සියලු තරග පරාජයට පත් වූ දෙවන අවස්ථාව බවට පත්වූ අතර මීට පෙර එංගලන්තය ඔස්ටේ්‍රලියාව හමුවේ 2014 වසරේදී 3-0ක පරාජයක් ලබා තිබුණි.

පළමු තරග දෙකම පරාජයට පත්ව තිබූ ලෝක ශූර එංගලන්තය පෙරේදා පැවති තරගයෙන් ද ලකුණු 16ක පරාජයක් ලැබීය.

වසර ගණනාවක් පුරා බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහ මහතා එම කොන්ත්‍රාත් ගිවිසුමෙන් ඉවත් වී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධුරයට පත්ව නැවත බංග්ලාදේශය සමග එක්වූ පළමු තරගාවලියේදීම බංග්ලාදේශයට මෙම ජයග්‍රහණය හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment