පොලිසිය සොයන නිසා කොණ්ඩෙ කපලා වෙස් මාරුකරගෙන… බොබ්මාලි අත්අඩංගුවට

231

බේරුවල මුහුදේදී ඉකුත් 31 වැනිදා අත්අඩංගුවට ගත් රුපියල් කෝටි දෙසීය අසූඅටක් වටිනා හෙරොයින් තොගය මෙරටට ගෙන්වූ සංවිධානාත්මක කණ්ඩායමේ ප‍්‍රධානියා බව කියන චමින්ද තාබ්‍රේව් හෙවත් බොබ්මාලි නමැති අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන තැනැත්තා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් ඊයේ (09 දා) අලූයම අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ඇල්පිටිය ප‍්‍රදේශයේ පදිංචි සිය අනියම් බිරිඳගේ නිවසේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බව මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.

බොබ්මාලි නමැති මෙම 41 හැවිරිදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පිළිබඳව මාධ්‍ය ඔස්සේ තොරතුරු සහ ඡායාරූප හෙළි කිරීමත් සමඟ ඔහු සිය දිගු කොණ්ඩය කොටට කපා සිය ස්වරූපය වෙනස් කරගෙන සිටි බව පොලිසිය පවසයි.

ඉකුත් 31 වැනිදා බේරුවල මුහුදේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝග‍්‍රෑම් 288 ශී‍්‍ර ලංකාවට ගෙන්වා ඇත්තේ බොබ්මාලි විසින් බව හෙළි වී ඇත.

මෙම හෙරොයින් තොගය ඩුබායි සිට ශ‍්‍රී ලංකාවට එවා ඇත්තේ මෙරට ප‍්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන මධුෂාන් නමැත්තා විසින් බවට තොරතුරු ලැබී තිබේ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment