ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද (03දා) සිට බෙදා හැරීමට තැපැල් සේවකයන් 8000ක් යොදවා ඇතැයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා ඊයේ (02දා) පැවසීය.
මෙම දැන්වීම් පත්‍රිකා තැපැල් සේවකයන් විසින් නිවාසවලටම ගොස් ලිඛිත අත්සනක් ගෙන නිවෙස් හිමියන්ට භාරදෙන බවද රණසිංහ මහතා කීය. අද සිට 14 දක්වා අනෙකුත් ලිපි සහ පාර්සල් සමග නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහරින බවත් සැප්තැම්බර් 08 වැනිදා (ඉරිදා) නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමට පමණක් තැපැල් සේවකයන් කටයුතු කරන බවත් ඒ මහතා කීය.
14 වැනිදා වනවිටත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පිරිසට අයත් ඡන්ද පත්‍රිකා මැතිවරණය පැවැත්වෙන 21දා වන තෙක් අදාළ තැපැල් කන්තෝරුවේ පවතින බවත්, එම ස්ථානවලට ගොස් අනන්‍යතාව තහවුරු කර නිල ඡන්ද පත්‍රිකා ලබාගත හැකි බවත් පැවසූ නියෝජ්‍ය තැපැල්පතිවරයා සැප්තැම්බර් 15, 16, 17 දිනවල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමක් සිදුනොකරන බවද කීය.
චමින්ද සිල්වා