තිරිසනකුගේ උගුලට හසුවූ අලි පැටවා මරුට

98

සතුන් දඩයම් කිරීම සඳහා දඩයම්කරුවකු විසින් අටවන ලද හක්කපටස් උගුලකට හසුවී අවුරුදු හතරක් පමණ වයසැති අලි පැටියකු මියගොස් තිබේ.

පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ මෙම අලි පැටවා දඩයක්කරුවකු විසින් වන සතුන් දඩයම් කිරීම සඳහා අටවන ලද හක්කපටස් උගුලකට හසුවීමෙන් මියගොස් ඇති බව වනජීවී නිලධාරීන් කියයි.

මියගොස් ඇති වනඅලි පැටවා වයස අවුරුදු 4ක් පමණ වන කුඩා අලි පැටවෙකු බව පොලොන්නරුව අඩවි වනජීවී කාර්යාලයේ වනජීවී නිලධාරීහු කියති. මියගොස් ඇති වන අලියාගේ මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ වනජීවී නිලධාරීන් විසින් සිදු කිරීමට නියමිත අතර මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු පොලොන්නරුව අඩවි වනජීවී කාර්යාලයේ වනජීවී නිලධාරීන් විසින් සිදු කරගෙන යයි.
ඇළහැර – නිශ්ශංක වෙලගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment