තෙල් රසායනාගාරය බොල්

302

කාර්මික තාක්ෂණ ආයතනය විසින් ඛනිජතෙල් නිෂ්පාදනයේ පරීක්ෂාවන් සිදුකිරීම සඳහා රුපියල් මිලියන 117.7ක් වැයකොට ස්ථාපනය කරනු ලැබූ ඛනිජතෙල් හා ලිහිසිතෙල් රසායනාගාරයට ඛනිජතෙල් සාම්පල් ලැබීමේ ක්‍රමවේදයක් නිර්මාණය වී නොතිබීම නිසා රසායනාගාරය පිහිටුවීමේ මූලික කාර්ය ඉටුවී නොමැති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

අමාත්‍ය මණ්ඩලයේ තීරණයකට අනුව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නියමයන්ට අනුකූලව ඛනිජතෙල් නිෂ්පාදනයේ ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා තුන්වන පාර්ශ්විය රසායනාගාරයක් ලෙස මෙය ස්ථාපිත කර තිබුණි. මෙකී රසායනාගාරය සඳහා උපකරණ මිලදී ගැනීමට සවිකිරීමට මෙම මුදල වැයකර ඇති බව ද විගණනය මගින් අනාවරණය කර ඇත.

මේ පිළිබඳ කාර්මික තාක්ෂණ ආයතනයේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත්තේ රසායනාගාරය සඳහා නියාමන අධිකාරි බලයක් නොමැති බැවින් සියලුම සාම්පල් රසායනාගාරය වෙත නොලැබෙන බවය. මෙම ක්‍රියාවලිය මූලික පරමාර්ථ තුළ පවතින අතර එය ජාතක අවශ්‍යතාවක් බැවින් ඒ සඳහා බලශක්ති අමාත්‍යාංශය හා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ පූර්ණ කැපවීම මත එය කඩිනමින් ක්‍රියාවට නැංවීම සඳහා කටයුතු සිදුවෙමින් පවතින බවය. අදාළ ආයතන සමග සම්බන්ධ වී ඛනිජතෙල් පරීක්ෂාවන් සිදුකරන රසායනාගාරයක් ලෙස ක්‍රියාත්මක වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බව විගණනය මගින් නිර්දේශ කර ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment