දයාසිරිගේ ලියුමට අධිකරණය කල් දෙයි

16

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කරමින් නිකුත් කළ ලිපිය ඉල්ලා අස්කර ගන්නේද නැද්ද යන තීරණය දැනුම්දීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වගඋත්තරකාර මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසකට අද කල් ලබාදුන්නේය.

දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත්කළ අභියාචනා පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දුන්නේය.

එහිදී අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන සහ වැඩ බලන මහලේකම් සරත් ඒකනායක යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය සඳහන් කළේ පෙත්සම්කරුට එරෙහිව නිකුත් ලිපිය ඉවත් කර ගන්නේද නැත්දයන තීරණය දැනුම් දීම සඳහා කල් ලබාදෙන ලෙසට ය.

ඒ අනුව පෙත්සම යලි ජූනි 25 වැනිදා කැඳවීමට නියමකළ අධිකරණය එදින මෙම තීරණය දැනුම් දෙන ලෙස අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන සහ නියෝජ්‍ය මහලේකම් සරත් ඒකනායක යන මහත්වරුන්ට නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment