දරුවන්ට පාලකයන්ට මාධ්‍යවේදීන්ට, නීතිවේදීන්ට අපල කරන වලයාකාර සූර්යග්‍රහණය

670

2023 ඔක්තෝබර් මස 14 වෙනි සෙනසුරාදා රාත්‍රි 11.40 මධ්‍යකොට වලයාකාර සූර්ය ග්‍රහණය සිදුවන අතර එය මෙම වසරේ සිදුවන දෙවන සූර්ය ග්‍රහණයයි. අප්‍රේල් මස 20 වැනිදා පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදු වූ අතර වලයාකාර සූර්ය ග්‍රහණයක් ලෙස මෙවර සිදුවේ. සූර්ය ග්‍රහණය සිදුවන මොහොතේ රවි සිටින්නේ කන්‍යා රාශියේ වේ. මතක තබාගත යුතු දේ නම් ළඟ ළඟම අර්ධ චන්ද්‍රග්‍රහණයක් එන බවයි. තවද ඔක්තෝබර් මස ග්‍රහ යුද්ධයක් ද සිදුවේ.

ලෝකායතන ජ්‍යොතිෂයට අනුව රවි වක්‍ර වන්නේ හයවන රාශියේයි. එනම් සතුරු මෙන්ම රෝග ස්ථානයේයි. ඒ නිසා ලෝකය පුරා විවිධ රෝගී තත්ත්ව පැතිර යනු ඇත. ව්‍යසන උග්‍ර වනු ඇත. රෝග පීඩා හා ව්‍යසන, සතුරු ගැටුම් නිසා ලොව පුරා විවිධ රාජ්‍යයන් ඉතා දැඩි පීඩාවට පත්වන මාස 3 ක කාලයකි. එහෙත් මෙය පසුගිය කොරෝනා සමය තරම් නොවනු ඇත. බුදුහිමි කන්‍යා රාශිය වන අතර බුධ එහි සිටීම ඒ හේතුවෙන් අධ්‍යාපනික ක්‍ෂේත්‍රය නිරත ලෝකවාසී සෑම ප්‍රවේශම් විය යුතුයි. තවද ලොව පුරා දරුවන්ට ඉතා අපල කාලයකි.

ලොව පුරා දරුවන්ට දෙමාපිය රැකවරණ අහිමි වන දරුවන්ට විවිධ අකටයුතුකම් සිදුවන දරුවන් අතර විවිධ රෝග වේගයෙන් ව්‍යාප්ත වන කාලයකි. ලොව පුරා මාධ්‍යවේදීන්ට ද අපල උදාවනු ඇත.

කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ රවි, බුධ, අටවැන්නේ වන බැවින් ලක්වාසී සැම ඉතා ප්‍රවේශම් විය යුතුයි. නීති, අධ්‍යාපන, මූල්‍ය, මාධ්‍ය ක්‍ෂේත්‍රවල නිරත අයට ඉතා අශුභ ඵල උදාවන කාලයකි. ඉහත ක්‍ෂේත්‍රවල ප්‍රබලයකුට මාරක අපල උදාකරයි.

දරුවන්ගේ අකල් මරණ පිළිබඳ මාධ්‍ය හරහා වැඩි වැඩියෙන් කන වැකෙනු ඇත. මෙරට දේශපාලන පක්‍ෂ අතර වන සංහිඳියාවට ද මෙය තරමක් අශුභ කාලයකි. හවුල් ව්‍යාපාර ආදියට ද ශුභ නැත. ඔබේ දූ දරුවන් ඉදිරි දින 45 ඉතා ප්‍රවේශමින් බලා ගන්න. අධ්‍යාපනය, ආරක්‍ෂාව පිළිබඳව සැලකිලිමත් විය යුතුම කාලයකි. දරුවන් මත් උවදුරුවලට ඇබ්බැහි වීම් වැඩිවැඩියෙන් ඇසීමට ලැබෙනු ඇත. පොදුවේ දරුවන්ට දේශපාලන නායකයන්ට අශුභ කාලයකි.

රවි ග්‍රහ මාරුව පොදුවේ ගත් කල මේෂ, මිථුන, තුලා, කුම්භ යන ලග්න හිමියන් වැඩියෙන් ප්‍රවේශම් විය යුතු කාලයකි. නීතිමය ගැටලුවලට සම්බන්ධ නොවන තරමට ශුභයි. තවද අනවශ්‍ය ගමන් බිමන් යෑම අත්හළ යුතුයි. තමා ගොඩනඟාගත් ප්‍රතිරූපවලට හානි සිදුවිය හැකි කාලයකි.

වෘෂභ, කටක, මකර ලග්න හිමි අය තම අධ්‍යාපනික කටයුතු පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතු කාලයකි. තවද මතක ශක්තිය දුර්වල වන අනවශ්‍ය ගැටුම් (මිතුරු/ශිෂ්‍ය) නිර්මාණ විය හැකි බැවින් තම ගෞරවය, උගත්කම, විනය ප්‍රවේශම් කරගන්න.

සිංහ, වෘශ්චික, ධනු ලග්න හිමි අය තම වෙළෙඳ ව්‍යාපාරවලදී, ගිවිසුම්වලට එළැඹීමේදී රැකියා කටයුතුවලදී තම මව පියාවත් විශ්වාස නොකළ යුතු කාලයකි. අනවශ්‍ය අවදානම් ව්‍යාපාරවලට ඉදිරි දිනවලදී එළැඹීමෙන් වළකින්න. තම මුදල් පසුම්බිය ප්‍රවේශමෙන් පරිශීලනය කරන්න.

කන්‍යා, මීන ලග්න හිමි ඔබ ඔබගේ ගෞරවය හා ඔබ හා සමාජය අතර සබඳතා ප්‍රවේශම් කරගන්න. කේන්තිය, ආවේගය පාලනය කරගත යුතුමයි. කිසිවකු වෙනුවෙන් ඇපවීම නොකළ යුතුයි. තම තීන්දු පිළිබඳව ප්‍රවේශම් විය යුතු කාලයකි.

කෙසේ වෙතත් 14 වැනි දා රාත්‍රි 8 ත් 9 ත් අතර ඔබේ වයස ප්‍රමාණයට වඩා පහන් 9 ක් දල්වා ළඟම පිහිටි විහාරස්ථානයේ බෝධි පූජාවක් පවත්වන්න. එහිදී බුලත් කොළ නමයක් (09) මත නිල්, සුදු, කහ, රතු මල් තබන්න. දැහැත් විටක්, උක් හකුරු, සූකිරි පූජා කරන්න. ඉන් අනතුරු දස දිසා පිරිත, ජය පිරිත, සීවලී පිරිත කියන්න.

දරුවන්ට පාලකයන්ට මාධ්‍යවේදීන්ට, නීතිවේදීන්ට අපල කරන වලයාකාර සූර්යග්‍රහණය

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යාඥ ආචාර්ය කැලුම් ගුණතිලක
දු.ක. 0778995353

advertistmentadvertistment
advertistmentadvertistment