පොලිස්පතිට දුන් සේවා දිගුව හෙටින් අවසන් – අලුත් කෙනා තාමත් නෑ

115

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට ලබාදී තිබූ සේවා දිගුව හෙටින් (09 වැනිදා) අවසන් වේ. (පොලිස්පතිවරයා විශ්‍රාම ගිය පසු සේවා දිගු දෙකක්ම ලබාදී තිබිණි.

හිස්වන පොලිස්පති ධුරය සඳහා මෙතෙක් කිසිවකු නම් කර නැත. මීළඟ පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨත්වය අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක සහ දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරු එම තනතුරට පත්වීමට සුදුසුකම් සපුරා සිටිති.

ඊළඟ පොලිස්පතිවරයා පත් කිරීමට අදාළව ව්‍යවස්ථාදායක සභාවට කිසිම නිලධාරියකුගේ නමක් යෝජනා වී නොතිබීම විශේෂත්වයක් යැයි පොලිස් මූලස්ථානය කියා සිටී.

නෝමන් පලිහවඩන, හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment