දිනූෂගේ ශතකයෙන් ශ්‍රී ලංකාව පෙරමුණට පැමිණේ

188

ඇෆ්ගනිස්ථාන ‘ඒ’කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය

සංචාරක ඇෆ්ගනිස්ථාන ‘ඒ’ කණ්ඩායම සමගින් පැවත්වෙන සිව්දින නිළනොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවනි දිනය නිමාවන විට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඇෆ්ගනිස්තානයට වඩා ලකුණු 417 ක් ඉදිරියෙන් සිටියේය.

පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී රැස් කළ ලකුණු 435 ට පිළිතුරු සැපයීමට පිටියට පැමිණි සංචාරක ක්‍රීඩකයෝ අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ දිනය නිමාවන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 18 ක් ලබා සිටියහ.

කොළඹ පී. සරා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ සොනාල් දිනූෂ ලකුණු 145 ක් රැස් කළ අතර ඊට හතරේ පහර 16 ක් ඇතුළත් වූයේය. ඔහුට අගනා සහයක් ලබාදුන් ලහිරු උදාර (65), විශාද් රන්දික (63) හා වනුජ සහන් (75) පිත්තෙන් දස්කම් දැක්වූහ.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් පන්දු යැවීමේදී සියා උර් රෙහෙමාන් කඩුළු 6 ක් බිඳ හෙළීය. අද (13දා) තරගයේ තෙවැනි දිනයයි.

සිසිර ජයසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment