දුම්රියේ දී විදෙස් තරුණියන්ගේ හිරිඔතප් බින්ද සැකකරු කූඩු

67

බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වන දුම්රියෙන් නුවරඑළිය යෑමට ඇල්ල දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩ වී ඇති එංගලන්ත ජාතික අවුරුදු 19 හා 21 තරුණියන් දෙදෙනෙකුට අතවර කිරීමට තැත් කර ඇති පුද්ගලයකු හපුතලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා හැටන් දිඹුල පතන ප්‍රදේශයේ පදිංචි කොටගල ප්‍රදේශයේ වෙළෙඳාම් කරන අයෙකු බව පොලිසිය පවසයි. මොහු බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ සිට කොටගල දක්වා දුම්රියෙන් ගමන් ගැනීමට ගොඩවී ඇති අතර එහිදී විදේශීය කාන්තාවන් සමග කුළුපග වී පසුව මෙම තරුණියන්ගේ ඇඟ පසඟ අතගෑ බව තරුණියන් දුම්රිය ආරක්ෂක අංශයේ නිලධාරීන් වෙත දැනුම් දීමෙන් අනතුරුව හපුතලේ පොලිසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (26 දා) බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. මේ පිළිබඳව හපුතලේ පොලිසියේ ස්ථානාධිපති සේපාල රත්නායක මහතා ප්‍රමුඛ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

හපුතලේ – එස්. බුවනෙක

advertistmentadvertistment
advertistmentadvertistment