දෙකක් දිනලා දෙකක් ගොඩ යයි

418

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ තරග දෙකක් පමණ ජය ගැනීමට සමත් වූ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය ලබන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී මූලික වටයට සහභාගි නොවීම සුපිරි 12 වටයට සුදුසුකම් ලැබීමට සමත් විය.

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය මෙවර තරගාවලියේදී මූලික වටයේ අංක 1 සහ දෙකට පත් වී සුපිරි 12 වටයට සුදුසුකම් ලැබූ අතර සුපිරි 12 වටයේදී දැක්වූ දස්කම් අනුව ඔවුන්ට ලබන තරගාවලියේදී මූලික වටයේ තරග කිරීමට සිදු නොවේ.

නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාව මූලික වටයේ ‘ඒ’ කාණ්ඩය නියෝජනය කරමින් සුපිරි 12 වටයට සුදුසුකම් ලැබූ අතර ‘බී‘ කාණ්ඩය නියෝජනය කරමින් සුපිරි 12 වටයට පැමිණි සිම්බාබ්වේ සහ අයර්ලන්තයට ලබන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දීද මූලික වටයට සහභාගි වීමට සිදුවනු ඇත.

ශ්‍රී ලංකාව මෙවර තරගාවලිය යටතේ අයර්ලන්තයට සහ ඇෆ්ගනිස්තානයට එරෙහිව තරග ජයගත් අතර නෙදර්ලන්තය විසින් දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ පරාජය කරන ලදි. ඒ අනුව මූලික වටයට සහභාගි නොවී සුපිරි 12 වටයට පිවිසීමට නෙදර්ලන්තයට අවස්ථාව හිමිවන පළමු තරගාවලිය එළඹෙන 2024 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියයි.
කසුන් රණවීර ඔස්ටේ්‍රලියාවේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment