නිපා දෙදෙනකු බිලිගනී

330

කේරළයේ සියලු පාසල් වැසෙයි: දැනට 700කට හැදිලා

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය පුරා පැතිර යන නිපා (Nipah) වෛරසයෙන් ඊයේ (15දා) වනවිට පුද්ගලයන් දෙදෙනකු මියයෑම නිසා ප්‍රාන්තයේ සියලු පාසල් වසා දැමීමට තීරණය කර ඇත.

සතුන්ගෙන් මිනිසුන්ට බෝවන නිපා වෛරසයට එරෙහිව එන්නත් නොමැති නිසා සෞඛ්‍ය අංශවලින් ලබාදී තිබෙන සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදින ලෙස දැනුම් දී තිබේ.

මෙම වයිරසය නිසා මිනිස් මොළයේ සෛලවලට දැඩි බලපෑම් සිදුවන බවට සොයාගෙන ඇත.

කේරළ ප්‍රාන්තයෙන් අනෙක් ප්‍රාන්තවලට වයිරසය පැතිර යෑමද වළක්වා ඇත.

සතුන්ගෙන් මිනිසුන්ට බෝවන මෙම නිපා වයිරසය රෝගියකුගේ ශ්‍රාව ස්පර්ශවීමෙන් නිරෝගී අයට බෝවන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටී.

දැනට ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කරන පරිදි නිපා වෛරසය වැළඳුන පිරිස හත්සියය ඉක්මවා ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment