‘හවුති පෙරමුණ’ ඊශ්‍රායලයට විද්ද මිසයිල ඇමරිකාවෙන් විනාශ කෙරේ

1432

ඉරාකයේ සහාය ලබන ‘හවුති පෙරමුණ’ නමැති අන්තවාදී කණ්ඩායම විසින් යේමනයේ සිට, ඊශ්‍රායලය වෙත විදින ලද කෲස් මිසයිල තුනක් හා ඩ්‍රෝන යානා කිහිපයක් “යූ එස් එස් කානි” නමැති මිසයිල විනාශ කරන ඇමරිකානු නාවුක හමුදාවට අයත් යුද නැව විසින් පෙරේදා (19 දා) ඉලක්කයන් වෙත යෑම වළක්වා විනාශ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම මිසයිල හා ඩ්‍රෝන යානා ඊශ්‍රායලයේ ඉලක්කයන් වෙත යොමු කර ඇති බව අනාවරණය වී තිබේ. ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව වන, පෙන්ටගනයට අනුව අදාළ මිසයිල හා ඩ්‍රෝන යානා ප්‍රහාරයෙන් කිසිවකුටත් තුවාල සිදු වී නැත. මෙම මිසයිල හා, ඩ්‍රෝන යානා විනාශ කර බිම දමා ඇති යූ එස් එස් කානි නමැති යුද නැව, එය සිදු කර ඇත්තේ උතුරු රතු මුහුදේ සිටය. පෙන්ටගනයේ බි්‍රගේඩියර් ජෙනරාල් පැටි්‍රක් රයිඩර්ට අනුව මෙම මිසයිල හා ඩ්‍රෝන යානාවල ඉලක්කයන් නිශ්චිතව හඳුනාගෙන නැතත් ඒවා යේමනයේ සිට, එල්ල වී ඇත්තේ ඊශ්‍රායලය වෙතය. ඔහුට අනුව ඉරාකයේ හා සිරියාවේ සිටින ඇමරිකානු හමුදාවන්ට ද පසුගිය දිනවල විවිධ කණ්ඩායම් විසින් ප්‍රහාරයන් එල්ල කර තිබේ.

ඊශ්‍රායල් හමුදා විසින් ගාසා තීරයේ සිටින හමාස් අන්තවාදීන් වෙත එල්ල කරන ප්‍රහාරයන් හේතුවෙන් මෙසේ හමාස් අන්තවාදීන්ට සහාය දක්වන ඉරානය, ඉරාකය, යේමනය හා ලෙබනනයේ සිටින අන්තවාදී කණ්ඩායම් ද ඊශ්‍රායලය වෙත මිසයිල හා රොකට් ප්‍රහාරයන් එල්ල කිරීමට පටන් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment