දේශපාලන ඇඟිලිගැසීම් නිසා පාපන්දුවට ජාත්‍යන්තර තහංචියක් වැටුණා – ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්

91

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ජාත්‍යන්තර ක්‍රීඩාවලට දේශපාලන ඇඟිලිගැසීම් හේතුවෙන් පාපන්දු ක්‍රීඩාවට ජාත්‍යන්තර තහනමක් වැටුණු බව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛi අමල් හර්ෂ ද සිල්වා මහතා ‘දිවයින’ට ඊයේ (23 දා) පැවසීය.

ජාත්‍යන්තර වශයෙන් අපේ ක්‍රීඩා කණ්ඩායම් කැපිලිවලට ලක්වන අවස්ථාවල ඔවුන් බේරා ගැනීමට තමා උත්සාහ කළ ද ඒ සෑම ප්‍රයත්නයක්ම අසාර්ථක වූ බව ලේකම්වරයා සඳහන් කළේය.

ක්‍රීඩාව පිළිබඳව අල්ප දැනුමක් හෝ නොමැති පාර්ශ්ව නිසා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කණ්ඩායම්වලින් ජාත්‍යන්තර පිළිගැනීමේ තත්ත්වය ගිලිහී ගිය බව ද අමල් හර්ෂ මහතා පැවසීය.

පාපන්දු, රගර් සහ ක්‍රිකට් ක්‍රීඩාවට විවිධ ප්‍රශ්න ඇති වුණේ දේශපාලන ඇඟිලිගැසීම් නිසා බවත් ක්‍රීඩාව වැනි ස්වාධීන ආයතන දේශපාලන ඕනෑ එපාකම් ඉටු කිරීමට යෑමේදී මෙම තත්ත්වය උද්ගත වන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රීඩා ආයතන ස්වාධීන තත්ත්වයට පත් කිරීමට කොතෙක් උත්සාහ ගත්තත් එම පාර්ශ්වයන් මෙසේ දේශපාලන අරමුණු මත කටයුතු කරන බවත් අමල් හර්ෂ මහතා කියා සිටියේය.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment