සෙනගල් රාජ්‍යයේ රෝහලක ගින්නෙන් අලුත උපන් දරුවෝ 11 ක් මරුට

217

බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන සෙනගල් රාජ්‍යයේ ‘වාඕඋයනේ’ නගරයේ පිහිටි රජයේ රෝහලක පෙරේදා (25දා) දිනයේ හටගත් ගින්නකින් උපන් ළදරුවන් 11 දෙනකු පිළිස්සී මියගොස් තිබේ. ‘වාඕඋයනේ’ නගරයේ පිහිටි මමේ අබ්ඩවු අසීස් සයි ඩබක් රෝහලේ ළදරු ඒකකයේ සිටි අලුත උපන් දරුවන් පිරිසක් මෙසේ අවාසනාවන්ත ලෙස ගින්නෙන් පිළිස්සී මියගොස් තිබේ. මෙම ගින්නට හසු වූ තවත් ළදරුවන් තිදෙනකු බේරා ගැනීමට හැකි වූ බව රෝහල් බලධාරීන් පවසා තිබේ.

මෙම රෝහල් ගින්න විදුලි පරිපථයේ හටගත් දෝෂයක් හේතුවෙන් හටගෙන ඇති බව ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. මෙම සිද්ධිය සැල වූ වහාම දැනට ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේ පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සමුළුවට සහභාගි වෙමින් සිටින සෙනගාල් රාජ්‍යයේ සෞඛ්‍ය ඇමැති අබ්දවුලායේ ඩියෝයුෆ් සාර් සිය සංචාරය අතරමග නවතා නැවත සිය රට පැමිණීමට තීරණය කර තිබේ. මෙම රෝහල් ගින්න වළක්වාගත හැකිව තිබූ එකක් බව පවසමින් සෙනගල් රාජ්‍යයේ විවිධ කොටස් සිද්ධිය සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස රෝහල් බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.
 

advertistmentadvertistment
advertistmentadvertistment