නන්දා – සුනිල් උපහාර ලන්ඩන් කවි දොරට වැඩුම අද

354

ආචාර්ය නන්දා මාලිනි හා මහාචාර්ය සුනිල් ආරියරත්න යුගකාරක කලාකරුවන් වෙනුවෙන් ලියැවුණු කාව්‍ය නිර්මාණ ඇතුළත් ලන්ඩන් කවි උපහාර කලාපය දොරට වැඩුම අද (7 දා) මහවැලි කේන්ද්‍රයේදී සවස 3.00ට පැවැත්වීමට නියමිතය. නීතිඥ අනුර හෑගොඩ විසින් සංස්කරණය කරන ලද මෙම නිර්මාණ සංග්‍රහය විවිධ කවි කිවිඳියන්ගේ සංකල්පනා වලින් විචිත්‍ර වී තිබේ. ප්‍රවීණ කිවිවර මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මුඛ්‍ය දේශනය පවත්වන අතර එල්ලාවල ආනන්ද කුලතිලක, කඩවත තේජා ගම්මන යන අයගේ සහභාගිත්වයෙන් හිටිවන කවි සංවාදයක් ද සිදු කෙරේ.

කැලුම් ශ්‍රීමාල් උත්සව සභාව මෙහෙයවන අතර ආචාර්ය නන්දා මාලිනිය හා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ආරාධිත යුවළ ලෙසද සහභාගි වෙති. මෙම කෘතිය සුරස ප්‍රකාශනයකි.

advertistmentadvertistment
advertistmentadvertistment