නව මහ කොමසාරිස්වරුන් දෙදෙනකු සහ තානාපතිවරයකු පත් කරන්න අවසර

5274

නව මහ කොමසාරිස්වරුන් දෙදෙනකු සහ තානාපතිවරයකු පත් කිරීම සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවූ බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

ඒ අනුව, පාකිස්තානයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස අද්මිරාල් (විශ්‍රාමික) රවීන්ද්‍ර චන්ද්‍රසිරි විජේගුණරත්න මහතා පත්කිරීමට සහ කියුබා ජනරජයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස අද්මිරාල් (විශ්‍රාමික) දමිත් නිශාන්ත සිරිසෝම උළුගෙතැන්න මහතා පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වී තිබේ.

ඊට අමතරව, නේපාලයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) සුදර්ශන කරගොඩ පතිරණ මහතා පත් කිරීමට ද පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවූ බව මහ ලේකම්වරිය තවදුරටත් සඳහන් කළාය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment