ඔන්ලයින් පනතට එරෙහි පෙත්සම් 31 ක විභාගය අවසන්

79

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති විශේෂ පෙත්සම් 31 ක් සම්බන්ධයෙන් විභාගය ඊයේ (02දා) අවසන් කෙරිණි.

එම පෙත්සම් සම්බන්ධයෙන් සිය අධිකරණයේ නිගමනය කඩිනමින් පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළේය.

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඇතුළු පාර්ශ්ව 31 ක් විසින් ගොනුකර තිබූ එම පෙත්සම් සම්බන්ධයෙන් විභාගය ඊයේ (02 දා) අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේදී 6 වැනි දිනටත් විභාගයට ගැනුණු අතර නීතිපතිවරයා එහිදී ඊයේ කරුණු දැක්වීය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment