වයස අවුරුදු 6 සිට වසර 7ක් පුරා බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්වූ නාවලපිටියේ බාල වයස්කාර දැරිය එම කි‍්‍රයාවට යොදා ගත් ස්ථාන 10ක් ඊයේ (18දා) වනවිට හඳුනාගත් බව ඒ පිළිබඳ පරීක්‍ෂණ මෙහෙයවන ගම්පොල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශ‍්‍රීයන්ත පීරිස් මහතා පැවැසීය.
නාවලපිටිය හරංගල ඉලූක්තැන්න ප‍්‍රදේශයේ වයස අවුරුදු 13ක බාලවයස්කාර දැරියක මෙසේ දීර්ඝ කාලයක් තිස්සේ අතවරයට ලක්වීම හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් දසදෙනකු හඳුනාගෙන ඇත. ඉන් පුද්ගලයන් හය දෙනෙකු හා සිද්ධියට ආධාර අනුබල දුන් එක් කාන්තාවක අත්අඩංගුවට ගෙන නාවලපිටිය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ කණ්ඩායම් කිහිපයක් පත්කොට ඇති අතර දැරියගේ මඟපෙන්වීම අනුව 16 වැනිදා දවස පුරා හරංගල, උඩමංකඩ ඇළ ආශ‍්‍රිත ලඳු කැළෑ හා නිවාස පරීක්‍ෂා කිරීමේදී මෙම ස්ථාන හඳුනාගෙන ඇත.
එහිදී ස්ථානීය පරීක්‍ෂණ අංශය (සොකෝ) විසින් සිදුකළ සියුම් පරීක්‍ෂණ වලදී වැදගත් සාක්‍ෂි කිහිපයක් සොයාගෙන ඇත. එම අංශ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක චම්පික විමලරත්න මහතා සඳහන් කළේ 32 හැවිරිදි විවාහක එක් දරු පියෙකු විසින් අවසන් වරට මෙම දැරිය දින 4ක් පුරා රඳවාගෙන සිටි ගල්ගුහාවේ තිබී ඇඳ ඇතිරිලි පවා සොයාගත් බවයි.
මෙම දැරිය අපයෝජනයට ලක්කළ පරිස අතර 42 හැවිරිදි ඇගේ පියා, 43 හැවිරිදි ඥාතියෙක්, බාප්පා කෙනෙක්, යුද හමුදාවේ ගාල්ල කඳවුරේ සේවය කරන අයෙක් ඇතුළු මත්කුඩු වලට ඇබ්බැහි වූවන්ද සිටින බව අනාවරණය වී තිබේ.
පොලිසිය පවසන්නේ එක් එක් අය විසින් දැරිය කිහිප අවස්ථාවකම රැුගෙන ගොස් අතවර කර ඇති බවයි.
මෙහිදී දැරිය රැුගෙන ගිය ගල්ගුහා 2ක්ද හඳුනාගෙන ඇත. එක් අයෙකු දැරිය රැුගෙන යන සෑම අවස්ථාවකම බියර් පානය කිරීමට පුරුදුව ඇති බවත් ඔහු දැරිය සමඟ සිටි ස්ථානයක බියර් කෑන් 50-60ක් තිබී හමුවූ බවත් පොලිසිය පවසයි.
දැරියගේ මව රැුකියාව ලෙස දලූ කැඞීම සිදුකර ඇති අතර එසේ දලූ නෙළීමට යන විට දැරිය අසල නිවසක තබාගිය අවස්ථාවකදී ඇය මුලින්ම එම නිවසේ තරුණයකු අතින් අපයෝජනයට ලක්ව තිබේ. ඒ වයස අවුරුදු 6 දීය.
එසේම තවත් දිනක ඇය වෙනත් නිවසක තබා ගියවිට එම නිවසේ අයෙකුගෙන්ද ඇය අපයෝජනය වී තිබේ.
එසේම ඇය පාසලේ 6, 7 ශ්‍රේණිවල සිටියදී විශාල ලෙස අතවරයට ලක්ව ඇති බව පරීක්‍ෂණ වලින් අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
ඇයට සිය හැඳුනුම්පත සකසා ගැනීමට අවශ්‍ය වුවත් ඒ සඳහා අවශ්‍ය වූ රුපියල් හයසීයක මුදල සොයා ගැනීමට නොහැකිව 43 හැවිරිදි ඥාතියාට ඒ බව පවසා මුදල් ඉල්ලීමේදී ඔහු කිහිප අවස්ථාවකම දැරියට අතවර කර රුපියල් දහසක් දුන් බව දැරිය පොලිසියට පවසා තිබේ.
මෙම දැරියගේ මව සිය දෙවන දරුවා ප‍්‍රසූතිය සඳහා මීට වසර 2කට පෙර රෝහල්ගතව සිටියදී පියා අතින් තමා අතවරයට ලක්වූ බව දැරිය මවට පැවසුවත් මව ඒ පිළිබඳව සැලකිල්ලක් දක්වා නැතැයිද පොලිසිය පවසයි.
අවසානයේ 32 හැවිරිදි එක් දරු පියා විසින් මෙම දැරිය රැුගෙන ගියද ඒ පිළිබඳව පවා මෙම මව හා බීමට ඇබ්බැහි වූ පියා නිසි පියවර රැුගෙන නැතැයිද පොලිසිය පවසයි.
මෙම දැරිය රෝහල්ගත කළ අවස්ථාවේ නාවලිපිටිය අධිකරණ වෛi නිලධාරි මහානාම මහතා විසින් දැරිය දීර්ඝ අපයෝජනයට ලක්ව ඇති බව හෙළිකිරීම නිසා මෙම අපරාධය හෙළිවී තිබේ.
තවත් සැකකරුවන් සිවු දෙනකු හා අනුබල දුන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව සහකාර පොලී්ිස් අධිකාරි අමරබන්දු මහතා පැවැසීය.
ගම්පොල – සුරංග දිල්හාන්