නැති ආචාර්ය උපාධියක් කියමින් මඩ ගහන කුමන්ත්‍රණයක්

167

අධිකරණ ඇමැතිගෙන් සී අයි ඩීයට පැමිණිල්ලක්

තමාට නොමැති ආචාර්ය උපාධියක් ගැන මාධ්‍ය තුළින් ප්‍රචාරය කරමින් ද්වේෂ සහගත ලෙස අපහාස කිරීමේ සංවිධානාත්මක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේ දැයි කියා විමර්ශනය කරන ලෙස ඉල්ලා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ඊයේ (16දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

තමාගේ නමට ඉදිරියෙන් ආචාර්ය ලෙස පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන්ව තිබුණේ අත්වැරදීමකින් බව පවසා එම වෙබ් අඩවියෙන් එය ඉවත් කිරීමට එහි කාර්යමණ්ඩලය පියවර ගෙන තිබූ බව පැවසූ අමාත්‍යවරයා තමාට නැති උපාධියක් සම්බන්ධව ප්‍රසිද්ධියක් ලබාගැනීමට කිසිදු අවශ්‍යතාවක් නැතැයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

නීතිඥවරයකු ලෙස වසර 25ක් තිස්සේ හිමි කරගෙන ඇති කීර්තිය ප්‍රමාණවත් බවත් කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ට අපහාස කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ දැයි කියා සොයාබැලිය යුතු බවත් ඒ සඳහා තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ පැමිණිල්ලක් කළ බවත් හෙතෙම සඳහන් කළේය.


advertistmentadvertistment