නිවස ඇතුළත ගෘහ උපකරණ තැබීමේදී අවධානයට ලක්විය යුතුදේ

99

මෙයට මාස කීපයකට ප්‍රථම එක්තරා නිවසක් පරීක්‍ෂා කිරීමට ගියෙමි. නිවසේ මිනුම් කටයුතු අවසන් කර දළ සැලසුම නිර්මාණය කර බ්‍රහ්ම පාද ලක්‍ෂ්‍යය සලකුණු කිරීමෙන් අනතුරුව නිවසේ අයට පෙන්වීම ( මෙම ස්ථානයට තමා බ්‍රහ්මපාද ලක්‍ෂ්‍යය වැටී තිබෙන්නේ යැයි පැවැසීමට) යෑමේදී නිවසේ සාලයට උඩින් පිහිටි කාමරයේ බිත්තියට අඩි 03ක් මෙහාට වන්න තබා ඇති යකඩ අල්මාරියක් යටට මෙම බ්‍රහ්මපාද ලක්‍ෂ්‍යය පැවැති අතර එය සාලයේ ආර්ච් එක මැදින් ප්‍රධාන දොරට බ්‍රහ්මපාද ලක්‍ෂ්‍යය හරහා එහි මධ්‍ය රේඛාව ඛේදනය වී පැවැතිණි. මෙහිදී ප්‍රධාන දොර වේධ දෝෂයට ලක්ව පැවැති අතර අල්මාරිය යටට බ්‍රහ්ම පාද ලක්‍ෂ්‍යය වැටීම තුළින් එය පීඩාවට පත්වී තිබුණේ අල්මාරිය තුළ පැවැති යකඩ මෙවලම් ඇතුළු අධික බර විශාල ප්‍රමාණයකිනි. මෙහිදී ගෘහ හිමියා මෙම අල්මාරිය තබා ඇත්තේ මෙයට මාස කීපයකට පමණ පෙරය. ඉන් පසු ඔහුට තදබල පපුවේ කැක්කුමක් නිතර නිතර පැමිණ ඇති අතර මේ වනවිටත් ප්‍රතිකාර ගනිමින් සිටින ලදී. නිවසේ වාස්තු පරීක්‍ෂණ වාර්තාව දීමට ප්‍රථම එම මොහොතේම මාගේ උපදෙස් පිට මෙම අල්මාරියෙහි තිබූ යකඩ මෙවලම් ඇතුළු සියලුම දේ ඉවත් කර එම ස්ථානයෙන් වෙනත් ස්ථානයක තබන ලදී. ඉන්පසු මා ඔහුට කීවේ සති 02කින් පැමිණ මා හමුව නිවසේ පරීක්‍ෂණ වාර්තාව ලබාගන්නා ලෙසත් එතෙක් කිසිම වෙනස් කිරීමක් නොකරන ලෙසත්ය. ඒ වගේම මෙම වාස්තු පරීක්‍ෂණයේ ප්‍රතිඵල ද ඔහුට අද සිට දකින්නට විඳින්නට ලැබෙන ආකාරය ද බලාගන්නා ලෙසයි. හරියටම සති 02කින් ඔහු මා හමුවුණේ අපරිමිත සතුටකිනි. මේ දක්වා පපුවේ කිසිම වේදනාවක් නොපැමිණි අතර ඔහුගේ වෛද්‍යවරයා ඔහුට පවසා ඇත්තේ (ඔහු කලින් දිනයේ පපුවේ අමාරුවට බොහෙත් ගන්නා වෛද්‍යවරයා හමුවී ප්‍රතිකාර සඳහා ගොස් තිබුණි.) යළිත් ප්‍රතිකාර ගැනීම අනවශ්‍ය වන අතර වෛද්‍ය වාර්තා ඉතා හොඳට පැවැතිය බවයි. ඉන් පසු මාගේ පරීක්‍ෂණ වාර්තාවට අනුව නිවසේ පැවැති අඩුපාඩු සකස් කරගෙන අද ඉතා යහපත් ලෙස ජීවත් වේ.

මෙවැනිම නිවසක් පරීක්‍ෂා කිරීමේදී කකුලක ආබාධයකින් පෙළුන ගෘහ බිරිඳත් ඇයට රාත්‍රී කාලයේ නාන කාමරයට යෑමේ පහසුව තකා නාන කාමරය අසල පැවැති කාමරයහි නිදන ඇඳ තබා සිටි අතර ආබාධ පැවැති කකුල සඳහා මාස ගණනක සිට ප්‍රතිකාර ලබා ගත්ත ද ඇයට කිසිම ගුණයක් නොපැවැති බව පවසන ලදී. ඒ වගේම රාත්‍රියේ අපට නින්ද නොයන බවත් තද හිසේ කැක්කුමක් නිතර ඇති වෙන බවද පැවැසීය.

ඇගේ නිදන ඇඳ පැවැතියේ හරියටම බාල්කයක් යට කුරුපාවක් මැදට වැටෙන ලෙසය. ඇගේ ආබාධයට ලක් වූ කකුල හරියට ම මෙම බාල්කය යට පැවැතුණි. මෙය ශුභ දෙයක් නොව දෝශ සහිත දෙයකි. මෙයින් අට්ටාල යටලීයෙන් වැටෙන ආනති බර ගුරුත්වාකර්ශනයෙන් ඇගේ ශරීරය මතට හෙවත් අසනීපයට ලක්වූ කකුල මතට වැටීමෙන් එහි පීඩාකාරී බව තවත් වැඩිවන අතර, ඇගේ ඇඳේ හිස දමා නිදා ගත්තේ උතුර දිශාවටය. උතුරු දිශාවට හිස දමා නිදා ගැනීමෙන් සිදු වන්නේ විiාත්මක තත්ත්වයකි. උතුරේ පවතින අධික චුම්බක ශක්තිය අපගේ ශරීරයෙහි ලේවල පවතින යකඩවලට ආකර්ශනය ඇති කරයි. එම හේතුවෙන් උතුරට හිස දමා නිදා ගැනීමෙන් හිසරදය, නින්ද නොයෑම ඇති කරයි. ඉන් පසුව එම කාන්තාව නිදාගත් ස්ථානය මාරු කිරීමට දුන් උපදෙස් මත එය සිදු කර ඉතා කෙටි කලකින් ඇයට මෙම රෝග අවසන් කර ගැනීමට හැකි විය.

මෙවැනිම තත්ත්වයක් ඇතිවී තිබුණ උසස් පෙළ විභාගය ආසන්නයේ එක්තරා ශිෂ්‍යාවකගේ නිවස පරීක්‍ෂණයේදී ඇයට රාත්‍රී කාලයේ පාඩම් කර නිදා ගැනීමෙන් පසු දින ඉතා අධික හිසරදයක් පැවැති අතර පසුව ඉහළ මහලයේ ඇගේ නිදන ඇඳ පැවැතියේ උතුරු දිශාවට වූ අතර නිදන ඇඳ අනෙක් අතට හරවා දින කීපයකින් ඇගේ හිසරදය සුව විණි. (මෙයද ශරීරයේ ලේවල පවතින හිමොග්ලොබීන්වල යකඩ අඩංගුකම නිසා උතුරේ අධික චුම්භක ශක්තිය ආරෝපණය වීමකි.

මෙවැනි කථා ඕනේ තරම් ප්‍රායෝගික වාස්තු පරීක්‍ෂණවලදී දකින්නට ලැබී ඇති අතර එම මොහොතේම වෙනස් කිරීමෙන් අනතුරුව ක්‍ෂණිකව ප්‍රතිඵල ලැබී ඇත.

මේ කථා තුළින් මා ප්‍රකාශ කිරීමට උත්සාහ කළේ නිවසක භූමියක දිග පළල, හැඩය, වහලයේ පවතින දොස, ද්වාර සටහන්වල අඩුපාඩු සහ අනෙකුත් වාස්තු දෝෂ අතර එම නිවසේ ගෘහ භාණ්ඩ තබා ඇති ආකාරයත් එම නිවසේ වහලයේ අංගයන් ඒවාට ඍජුව පැවැතීම තුළිනුත් ඇති කරන දෝශයන් සම්බන්ධයෙන් පැවැසීම සඳහාය. වාස්තු විiාවට සමච්චල් කරන අභියෝග කරන බොරුවක් යැයි පවසන අයට පැවැසීමට ඇත්තේ මේවාට අභියෝග කර තම හැසීරීම් රටාව, ජීවන රටාව, වෙනස් කිරීමට අවශ්‍යනම් සත්‍ය අසත්‍යතාවය බලාගැනීම සඳහා වැඩි දෙයක් අවශ්‍ය නොවන බවත් හැකිනම් උතුරට හිස දමා කාලයක් නිදාගෙන සිටින ලෙසත්, බ්‍රහ්ම පාදය මත බරක් දමා අවහිර කර තබන ලෙසත්ය. එවිට සත්‍ය අසත්‍යතාව ඉතා කෙටි කලකින් අත්විඳීමට හැකියාව ලැබෙනු ඇත. නිවසේ තිබෙන කබඩ්, අල්මාරි, සේප්පු ආදියේ දොර පියන් දකුණු දිශාවට මුහුණ ලා තැබීම තුළින් අධික ධන හානි තත්ත්වයන් ඇති කරනු ලබයි. නිවසේ දරුදැරියන්ගේ පාඩම් කරන මේසයට, වාඩිවී සිටින පුටුවට බාල්ක, යටලී, කුරුපා, පතිතව පවතින්නේ නම් එම දරුවන්ට මානසික පීඩාවන්ට ලක්ව අධ්‍යාපන කටයුතු පසු බැසීමට ලක්වීමට හැකිය. නිවසේ බිත්ති ඔර්ලෝසුව, බාල්ක යට බීම් යට එල්ලා තැබීමද අශුභ ගෙන දෙන්නකි. ව්‍යාපාර ආයතනවල විශේෂයෙන් කැෂියර් මේසය පඩිපෙළ යටින්, යටලී යට, කොන්ක්‍රීට් බීම්, කුරුපා යට පැවැතීමෙන් එම ව්‍යාපාරයන්හි ආදායම් තත්ත්වය පහත වැටීමට හේතු ගෙනදේ. තම නිදන කාමරය හෙවත් නිවසක ප්‍රධාන නිදන කාමරය පැවැතිය යුත්තේ නිරිත දිශාව තුළය. එම නිරිත දිශාවේ කාමරය තුළ රූපවාහිනී යන්ත්‍ර, සී. සී. ටී. වී. කැමරා පද්ධතිය පරිගණක වැනි දේ පැවැතීම තුළින් එම කාමරයේ නිදන අඹු සැමියන් අතර මත භේදයන්, අසමගිකම හා ධනය හානි දෙන කරුණු ඇති කරය.ි නිවසක ඊශාන දිශාවේ පවතින කාමරයේ ඊශාන කෙළවර ඉතා බර අධික කබඩ්, අල්මාරි, ශීතකරණ, ප්‍රධාන විදුලි පැනල් බෝර්ඩ්, විදුලි මීටරය, පැවැතීමත්, උසින් වැඩි ගෘහ භාණ්ඩ පැවැතීමත් එම නිවසේ විශ්ව ශක්තිය ආගමනයට බාධාවක් වනු ඇත. ඊශාන දිශාවේ උස අඩු ගෘහ භාණ්ඩ, පුටු, සෙට්, වැනි දෑ තැබීම යහපත් වන අතර නිරිත දිශාවේ නිරිත මුල්ලට වන්න බර අධික කබඩ්, අල්මාරි, සේප්පුව වගේම උස් ගෘහ භාණ්ඩ පැවැතීම ශුභ දායක වේ. නිවසේ ප්‍රධාන විදුලි බෝර්ඩ්, පැනල්, විදුලි මීටරය ආදිය ගිනිකොණ හෝ වයඹ දිශාවේ ස්ථාපිත කිරීම ඉතාම ශුභදායක වේ. එක්තරා කර්මාන්ත ශාලාවක අලුතින් ආනයනය කරන ලද යන්ත්‍රය නිතර නිතර කාර්මික දෝෂයන්ට ලක්වීම සිදුවිණි. සතියකට වරක් දෙවරක් එසේ සිදුවීම නිසා සේවකයන්ට සේවා මුරය අවසන් කිරීමට නොහැකි වන අතර ඔවුන්ට එම කාලයේද වැටුප් ගෙවීමට සිදුවීමෙන් පාලක මණ්ඩලයට බොහෝ අතිරේක වියදම් දැරීමට සිදුවිය. මෙම යන්ත්‍රය ආයතනයේ කොන්ක්‍රීට් බීම් එකක් යට සවිකර තිබූ අතර පරීක්‍ෂා කිරීමකින් පසුව එය බීම් එක යටින් ඉවත් කරන ලදී. ඉන් පසු නිතර නිතර සිදුවූ කාර්මික දෝෂයන් ද ඉවත් වෙන ලදී. මේ ආකාරයට විශේෂයෙන් යන්ත්‍ර සූත්‍ර මතට කර්මාන්ත ආයතනයේ බීම්, යටලී, තාප්ප පතිත වීමෙන් එම යන්ත්‍ර මතට පතිත වන ආතති බල හෙවත් ගුරුත්වාකර්ශන බලය එවැනි යන්ත්‍ර සූත්‍ර අක්‍රිය තත්ත්වයට පත් කරනු ලබයි. ඒවායේ ජීව කාලය අල්ප කරයි. එසේ නැති නම් නිෂ්පාදන ධාරිතාවය හෝ අඩුකරනු ඇත. ඒ වගේම නිවසේ විසිත්ත කාමරයේ, කාර්යාලයේ කාමරයේ යටලී බාල්ක කුරුපා බීම් යට වාඩිවී ගනුදෙනු සාකච්ඡා කිරීම්. ගිවිසුම් අත්සන් කිරීම, ණය ගනුදෙනු සඳහා චෙක්පත් මුදල් හුවමාරු කටයුතු කිරීමෙන් ඒ කටයුතුවල අනාගත අපේක්‍ෂාවන්, ගිවිසුම්, අවලංගු වීමට ස්ථීර නොවීමට හේතු ගෙන දේ.

මේ ආකාරයට සලකා බලනවිට දී නිවසේ භූමියේ සියලු දෑ වාස්තු විiාත්මක ආකාරයට පැවැතීමට නම් නිවස තුළ තබන ගෘහ උපකරණ, විදුලි උපකරණ ආදිය ද නිවැරදි දිශාවන්ට වගේම නිවැරදි ස්ථානවල ද පැවැතිය යුතු බවත් එම සියල්ල නිවසේ දියුණුව, සෞභාග්‍ය කෙරෙහි හා නිවැසියන්ගේ නීරෝගිකම කෙරෙහිද බලපවත්නා බව අවධාරණය කරන්නෙමි.

නිවස ඇතුළත ගෘහ උපකරණ තැබීමේදී අවධානයට ලක්විය යුතුදේ

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
077 785 6649.


advertistmentadvertistment