පානදුර මුහුදේ නාන්න ගිහින් ගහගෙන ගිය 5 ක් බේරාගෙන

210

පානදුර මුහුදේ දිය නාමින් සිටියදී රළ පහරට හසුව ගසාගෙන ගිය එකම පවුලේ සිව් දෙනකු ඇතුළු පස් දෙනකුගේ ජීවිත බේරාගත් බව පානදුර පොලිස් ජීවිත ආරක්ෂක ඒකකය පවසයි.

මෙසේ දිවි ගලවාගෙන ඇත්තේ බුලත්සිංහල, දෙල්මැල්ල, කේ. එම්. නදී ශ්‍යාමලී, කේ.කේ. කවිඳු ධනුෂ්ක, කේ. එම්. කවිඳු කාවින්ද, අයගම ඉන්දොර ජී. තරිඳු ලක්ෂාන් සහ අළුබෝමුල්ල අරුක්ගොඩ පී. කසුන් චාමර නැමැති 19, 20, 23, 24 සහ 29 වියැති පිරිසක් බව පොලිසිය පැවසීය.

පානදුර මුහුදේ ගිලී ගොස් ඇති නෞකාවට දකුණු පසින් දිය නාමින් සිටියදී පස්දෙනා රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති බව සඳහන් වේ.

මුහුදේ ගහගෙන ගිය පස්දෙනා බේරාගැනීමට මුහුදට පැන්න පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරියෙක්ද තුවාල ලබා රෝහල්ගත කර ඇති බව සඳහන් වේ.

ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිමල්සිරි මහතාගේ උපදෙස් පරිදි කොස්තාපල් පුෂ්පකුමාර (69951) සහ ධනුක (101557) යන නිලධාරීන් මෙම ජීවිත බේරාගැනීමට එක්ව ඇත.

වාද්දුව – සුමිත් පොතුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment