දෙවසරකට පසුව වෙළෙඳ සේවා වොලිබෝලය පණ ලබයි

121

වසර දෙකක නිහැඬියාවකින් පසු වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලිය මෙම වසරේදී ක්‍රියාත්මක කිරීමට වෙළෙඳ සේවා වොලිබෝල් සංගමය තීරණය කර තිබේ. ඒ අනුව තරගාවලිය ආරම්භ කරමින් මූලික වටය ලබන ඔක්තෝබර් මස 22 සහ 23 දෙදින තුළ ගාල්ල වොලිබෝල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.

ප්‍රවීණ හා ආධුනික යන තරග කාණ්ඩ 2 යටතේ, දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව වෙත පිරිනැමෙන රු. 150,000 සහ රු. 100,000 ක මුදල් තෑගි ද තවත් මුදල් තෑගි 16 ක් ද ඇතුළුව රුපියල් මිලියනයකට අධික වටිනාකමකින් යුතු මුදල් තෑගි හා කුසලාන 30කට අධික සංඛ්‍යාවක් සමග 2022 වසරේ වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලිය සංවිධානය කෙරේ.

තරගාවලියේ කණ්ඩායම් ලියාපදිංචිය සඳහා අයැදුම්පත් භාර ගැනීම ඔක්තෝබර් මස 1 වැනිදාට පෙර සිදු කළ යුතු අතර වැඩි විස්තර 0710 682 682 (චන්දන) හෝ 0765 498 086 (තාරා) අංක වෙතින් හෝ අඅඅගපඩ්ගකන වෙත පිවිසීමෙන් හෝ පඩ්ිරසක්බන්?ටප්සකගජදප වෙත ඊමේල් පණිවුඩයක් යොමුකිරීමෙන් දැනගත හැකිය. 2022 වසරේ අගෝස්තු 31 වන දිනට පෙර වෙළෙඳ සේවා ආයතනයන්ගේ සේවා නියුක්තිකයන් තරගාවලිය සඳහා සහභාගි වීමට සුදුසුකම් ලබන බව සංවිධායකයන් දන්වා සිටී.

තරගාවලියේ ප්ලැටිනම් අනුග්‍රාහකයා වශයෙන් මාස් (ඵ්ී) හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමත්, බ්‍රැන්ඩික්ස්, ලංකා ටයිල්ස් සහ එක්ස්පෝ ලංකා (ෑත්‍ෂ) යන සමාගම් රන් අනුග්‍රාහකයන් ලෙසත්, ශ්‍රී ලංකා ටෙලිකොම්, ඔමේගා ලයින්, ඕෂන් ලංකා, මැලිබන් බිස්කට් සහ ලින්ක් නැචුරල් ප්‍රඩට්ස් යන සමාගම් රිදී අනුග්‍රාහකයන් ලෙසත් කටයුතු කරනු ලබයි.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment