සමහරු කවදාවත් යන්න බැරි මහ පුටුවට ගිහින් රට කාපු හොරු ආරක්ෂා කරනවා

52

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පොළොන්නරු සජබ ජනපවුරේදී කියයි
රට විනාශ කළේ කවුද කියා උසාවිය හරහා අපි කියලා ඉවරයි

සමහරු අමාරු කාලයේ රට බාරගෙන රට හරි පැත්තට හැරෙව්වා කිව්වත් රට විනාශ කළ රට බංකොලොත් කළ විනාශකාරී පවුල් පාලනයේ පිහිටෙන් කවදාවත් යන්න බැරි මහ පුටුවට ගොස් රට කාපු හොරු ටික ආරක්ෂා කරමින් සිටින බවත් මේ රට කාපු රාජපක්ෂලා එක්ක ඩීල් එක්ක නැත්තේ සමගි ජන බලවේගයට සහ සමගි ජන සන්ධානයට බවත් රට විනාශ කළේ කවුද කියා සමගි ජන බලවේගයේ බුද්ධි මණ්ඩපය සහ නීතිඥ මඩුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය හරහා මේ වන විටත් අනාවරණය කර ඇති බවත් ඒ නිසා බොරුවට ෆයිල් මිටි උස්සාගෙන ඇවිත් හොරු අල්ලන්න බලය ඉල්ලීම අවශ්‍ය නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉකුත් (25)දා පොළොන්නරුවේ පැවැති සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක ජනපවුර වැඩසටහන හා එක්වෙමිනි.

රණසිංහ ප්‍රේමදාස මහතා ඇඟලු‍ම් කම්හල් 200 වැඩසටහන ක්‍රියාත්මක කරන කොට සුද්දියන්ට යට ඇඳුම් මහනවා කියා බැන්නත් එම කර්මාන්ත මේ වන විටත් අප රටට ඩොලර් උත්පාදනය කරනා බවත් මේ කර්මාන්ත ශාලාවලින් ඔබ්බට ගොස් ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ ආදිය නිෂ්පාදනය කරන කර්මාන්තශාලා ගමට ගෙන ආ යුතු බවත් ඒ වෙනුවෙන් සමගි ජන බලවේගය කැපවී මෙතෙක් කයිවාරුවට පමණක් සීමා වූ දෑ මහපොළොවේ යථාර්ථයක් බවට පත් කරන බවත් තමා කයිය නායකයෙකු නොව වැඩ කරන නායකයෙකු නිසා මෙය සිදු කිරීම අපහසු නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. බෙදිල්ලෙන් රට හදන්න බැහැ කියා කයිය නායකයෝ චෝදනා කරන බවත් පරිගණක නොමැති පාසලකට පරිගණකයක් ලබාදීම වරදක් නොවන බවත් තමා මත්පැන්, මත්ද්‍රව්‍ය, දුම්වැටි බෙදන්නේ නැති බවත් බෙදන්නේ නවීන තාක්ෂණ හා තොරතුරු තාක්ෂණ දැනුම බවත් එම දැනුමින් පාසල් 10126 දූදරුවන් 41 ලක්ෂය සවිබල ගැන්වෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එමෙන්ම ජාත්‍යන්තර පාසල්වල ඇති පහසුකම් රටේම පාසල් 10126ම ඇති කරනා බවත් මේ අධ්‍යාපනය නවීකරණය විශ්වවිද්‍යාල පද්ධතියටද අදාළ කරන බවත් අධ්‍යාපන පද්ධතියේ සෑම අංශයකම ඇති මානව සම්පත්, භෞතික සම්පත් ඌනතාවට විසඳුම් ලබාදෙන්න කැප වෙන බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයද ගොඩනගමින් රෝහල් පද්ධතිය පවා නවීකරණය කරන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.

මෙවර ජනාධිපතිවරණයේදී පොඩි මිනිසාගේ යුගය බිහි වන්නේ සමගි ජන බලවේගය ජය ගැනීමෙන් බවත් ඉතිහාසය පුරා ජනාධිපතිවරු විවිධ රජයන් රටට වැඩක් කළේ බලයට පත්වීමෙන් අනතුරුව වුවත් සමගි ජනබලවේගය සහ තමා රටට වැඩක් කළේ විපක්ෂයේ සිට බවත් ඒ නිසා අන් අයගේ පොරොන්දු පත්‍රිකා විශ්වාස කළ නොහැකි වුවත් තමා ඉදිරිපත් කරන පොරොන්දු පත්‍රිකා සියල්ල මේ වන විටත් යථාර්ථයක් කරමින් ඇති නිසා විශ්වාස කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේග රජයක් තුළ කෘෂිකර්මාන්තය තාක්ෂණය සමඟ ඒකාබද්ධ කරන බවත් ඒ සඳහා වන සියලු‍ වැඩපිළිවෙළ සහ සැලසුම් සකස් කර ඇති බවත් ඒ සඳහා රාජ්‍ය බලය අවශ්‍ය බවත් ඒ රාජ්‍ය බලය තුළින් වී මාෆියාව තුරන් කර කුඩා හා මධ්‍ය පරිමාණ සහල් හිමියන් ශක්තිමත් කර වී ගොවියාගේ නිෂ්පාදනයටත් ඩොලර් ලබාදෙන වැඩපිළිවෙළක් සකස් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.වාරි පුනරුත්ථාපනයට, පාංශු සංවර්ධනයට ප්‍රවේශ වී රටේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කරමින් ගොවියාගේ නිෂ්පාදන දේශීය වෙළෙඳපොළට මෙන්ම අපනයන වෙළෙඳපොළට ගෙන යෑමට අවශ්‍ය ශක්තිය ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවත් ගොවියා

රැකගෙන ඉදිරියට යනවා සේම නිෂ්පාදන කර්මාන්තවලටද මුල්තැන ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමහර කණ්ඩායම් අතීතයේ සිට ගොවිජන සේවා මධ්‍යස්ථාන පුළුස්සා විනාශ කිරීමට දක්ෂ වුවත් සමගි ජන බලවේගයට හැකියාව ඇත්තේ ගොවිජන සේවා මධ්‍යස්ථාන නැවත ගොඩනැගීම බවත් එම නිසා සෑම

ගොවිජන සේවා මධ්‍යස්ථානයකටම කුඩා පරිමාණයේ වගා කටයුතු කරන පොඩි ගොවියාට යන්ත්‍ර කට්ටලයක් සාධාරණ මිලකට ලබාදෙන්න කැපවන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

කරුණාරත්න ගමගේ

හිටපු මැති ඇමැති 03ක් සජබයට එක්වෙති

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක ජන පවුර වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික් රැස්වීම පැවැති අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සංවිධායකවරුන් කිහිපදෙනකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක්විය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ හිටපු අමාත්‍යවරයකු වූ නන්දසේන හේරත් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය. ඒ මහතා 1993 උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ ඒ මහතා 1994 දී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය. එමෙන්ම 2001 වසරේදී ආහාර වෙළෙඳ කටයුතු සම්බන්ධ නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස කටයුතු කරන ලදී.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කළ තිලක් මහලේකම්ගේ මහතා ද සමගි ජන බලවේගය හා එක්විය. 1993 උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව 1994 දී පාර්ලිමේන්තුවට තේරී පත්ව වසර 7ක් මින්නේරිය ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන ලදී.

තවද ජනතා විමුක්ති පෙරමුණේ පොළොන්නරුව මහ නගර සභාවේ බැඳිවැව කොට්ඨාසයෙන් ඡන්දයෙන් පත්වූ එකම මන්ත්‍රීවරයකු වූ හිටපු මන්ත්‍රී එච්. සමන්ත බණ්ඩාර මහතාද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment