මාතර මහ රෝහලේදී බිලිඳු මළ සිරුර අතුරුදන්!

406

ඥාතීන්ගෙන් රෝහලට දොස්

දරු ප්‍රසූතියක් සඳහා පසුගිය 22 වැනිදා මාතර මහ රෝහලට ඇතුළත් කළ මවක විසින් බිහි කළ බව කියන බිලිඳු මළසිරුර අතුරුදන් වීම සම්බන්ධයෙන් ඇගේ ඥාතීහු එම රෝහල් බලධාරීන්ට දැඩි ලෙස චෝදනා කරති.

මාතර වැලිගම පදිංචි 24 හැවිරිදි කාවින්iා මධුෂානි නමැති මෙම මව එම රෝහලට ඇතුළත් කර ඇත්තේ කුළුඳුල් දරු ප්‍රසූතිය සඳහාය.

වෛද්‍ය උපදෙස් පරිදි ඇය රෝහල්ගත කර ඇතත් රෝහල් බලධාරීන් පවසන්නේ එම බිලිඳා මව්කුස තුළදීම මියගොස් සිටි බවයි.

ඒ අනුව පසුගිය 24 වැනිදා රාත්‍රියේ කුස තුළ මියගොස් සිටි බිලිඳාගේ සිරුර පිටතට ගැනීමට වෛද්‍යවරුන් කටයුතු කර ඇති බව පැවසේ.

එම මවගේ ඥාතීන් බිලිඳු මළසිරුර අවසන් කටයුතු සඳහා තමන්ට ලබාදෙන ලෙස රෝහල් බලධාරීන්ගෙන් ඉල්ලා ඇතත් ඔවුන් ඊට ප්‍රතිචාරයක් දක්වා නැති බව කියති.

මේ සම්බන්ධයෙන් අප රෝහල් බලධාරීන්ගෙන් විමසීමක් කළ ද ඔවුන් ඊට ද ප්‍රතිචාරයක් දැක්වූවේ නැත.

ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment